HBO ආයතනය විසින් නිෂ්පාදනය කරන ජනප්රිය හැරී පොටර් ටෙලි කතා මාලාවේ දෙවන සමය සඳහා ප්රධාන චරිත කිහිපයකට නව නළු නිළියන් තෝරාගෙන තියෙනවා. ඒ අනුව, තරුණ වෝල්ඩමෝර් හෙවත් ටොම් රිඩ්ල්ගේ චරිතය සඳහා ජාත්යන්තර එමී සම්මානලාභී නළු බිලී බැරට්ව තෝරාගෙන තිබෙන අතර, ආදරණීය ගෙදර එල්ෆ්වරයෙක් වන ඩොබීගේ චරිතයට ලෙනී රෂ්ව එක්කර තිබෙනවා. ඒ වගේම රොන් වීස්ලිගේ සහෝදරිය වන ජිනී වීස්ලිගේ චරිතයට බෝනි හිල්ව අලුතින් සම්බන්ධ කරගෙන තියෙනවා. මේ වෙනස්කම් එක්ක රසිකයන් අතර ලොකු කුතුහලයක් ඇති වෙලා තියෙනවා.
පළමු සමයේ ජිනීගේ චරිතය රඟපෑ ග්රේසි කොක්රේන් දෙවන සමයට සම්බන්ධ නොවන නිසා තමයි මෙලෙස නව නිළියක් තෝරාගෙන තියෙන්නේ. විශේෂයෙන්ම ටොම් රිඩ්ල්ගේ චරිතය සඳහා පොතේ සඳහන් වයසට ගැලපෙනම නළුවෙක් තෝරා ගැනීමට නිෂ්පාදකවරුන් උනන්දු වෙලා තියෙනවා. ඒ වගේම ඩොබීගේ චරිතය සඳහා ලෙනී රෂ්ව යොදාගැනීමත් එක්ක, ඔහු මේ චරිතය සඳහා CGI තාක්ෂණයෙන්ද නැත්නම් වෙනත් ක්රමයකින්ද පණ පොවන්නේ කියන එක තවමත් රහසක්. මේ වන විටත් දෙවන සමයේ රූගත කිරීම් මේ වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතයි.
පළමු සමයේ ප්රධාන චරිත රඟපෑ ඩොමිනික් මැක්ලොක්ලින්, ඇලස්ටෙයාර් ස්ටවුට් සහ අරාබෙල්ලා ස්ටැන්ටන් ඇතුළු පිරිස දෙවන සමයේදීත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට කිට් හැරින්ටන් එක්වීමත් සමඟ කතා මාලාව තවත් රසවත් වේවි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. හැරී පොටර් රසිකයන් මේ නව වෙනස්කම් එක්ක කතාවේ දෙවන සමය එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා.

Discussion & Feedback