ලොව පුරාම රසිකයින් ආදරය කරන හැරී පොටර් කතා මාලාවේ දෙවන සමය වෙනුවෙන් HBO ආයතනය විසින් ප්රධාන චරිත කිහිපයක් සඳහා නව නළු නිළියන් තෝරාගෙන තියෙනවා. මේ අනුව, තරුණ වෝල්ඩමෝර් හෙවත් ටොම් රිඩ්ල්ගේ චරිතය සඳහා ජාත්යන්තර එමී සම්මානලාභී තරුණ නළු බිලී බැරට්ව තෝරාගෙන තියෙනවා. ඒ වගේම, හැරී පොටර්ගේ විශ්වාසවන්ත මිතුරා වන ඩොබීගේ චරිතයට ලෙනී රෂ් පණ පොවන අතර, රොන් වීස්ලිගේ සහෝදරිය වන ජිනී වීස්ලිගේ චරිතය සඳහා බොනී හිල්ව අලුතින් එක් කරගෙන තියෙනවා. මීට අමතරව ගිල්ඩරෝයි ලොක්හාර්ට්ගේ චරිතයට කිට් හැරින්ටන් ද රංගනයෙන් දායක වීමට නියමිතයි.
මෙම දෙවන සමය ‘හැරී පොටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට්ස්’ කෘතිය ඇසුරින් නිර්මාණය වන අතර, නිෂ්පාදකයින් මෙවර චරිත නිරූපණය සඳහා පොතේ සඳහන් වයස් කාණ්ඩවලට වඩාත් සමීප නළු නිළියන් තෝරා ගැනීමට විශේෂ උනන්දුවක් දක්වා තියෙනවා. විශේෂයෙන්ම ඩොබීගේ චරිතය සඳහා ලෙනී රෂ්ව තෝරා ගැනීම රසිකයින් අතර ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. මේ වන විටත් පළමු සමයේ රූගත කිරීම් අවසන් අදියරේ පවතින අතර, දෙවන සමයේ රූගත කිරීම් මේ වසරේ අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතයි.
පළමු සමය HBO ඔස්සේ නත්තල් සමයේදී විකාශය වීමට නියමිත අතර, එහි ඩොමිනික් මැක්ලොක්ලින් හැරී පොටර් ලෙසත්, ඇලස්ටෙයාර් ස්ටවුට් රොන් වීස්ලි ලෙසත්, අරබෙල්ලා ස්ටැන්ටන් හර්මයිනි ග්රේන්ජර් ලෙසත් රංගනයෙන් දායක වෙනවා. ජෝන් ලිත්ගෝ ඇල්බස් දම්බල්ඩෝර් ලෙසත්, නික් ෆ්රොස්ට් රුබියස් හැග්රිඩ් ලෙසත් ප්රධාන චරිත නිරූපණය කරනවා. මේ නව වෙනස්කම් සමඟින් හැරී පොටර් රසිකයින්ට අලුත්ම අත්දැකීමක් ලබා ගැනීමට පුළුවන් වේවි.

Discussion & Feedback