ලොව පුරා රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටින HBO හි හැරී පොටර් ටෙලි නාට්ය මාලාවේ දෙවන අදියර සඳහා නව නළු නිළියන් කිහිප දෙනෙකුගේ නම් මේ වන විට නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, තරුණ වෝල්ඩමෝර් හෙවත් ටොම් රිඩ්ල්ගේ චරිතය සඳහා ජාත්යන්තර එමී සම්මානලාභී බිලී බැරට්ව තෝරාගෙන ඇති අතර, රසිකයන්ගේ ආදරය දිනාගත් ඩොබීගේ චරිතයට ලෙනී රෂ් පණ පොවනවා. එසේම, රොන් වීස්ලිගේ සහෝදරිය වන ජිනී වීස්ලිගේ චරිතය සඳහා බොනී හිල්ව අලුතින් එක් කරගෙන තිබෙනවා.
මෙම දෙවන අදියරේදී ජේ.කේ. රෝලින්ගේ ‘හැරී පොටර් ඇන්ඩ් ද චේම්බර් ඔෆ් සීක්රට්ස්’ කෘතිය පාදක කරගනිමින් කතා මාලාව නිර්මාණය වන අතර, නිෂ්පාදකවරුන් මෙවර චරිත නිරූපණය සඳහා පොතේ සඳහන් වයස් සීමාවන්ට වඩාත් සමීප තරුණ නළු නිළියන් තෝරා ගැනීමට විශේෂ උනන්දුවක් දක්වා තිබෙනවා. විශේෂයෙන්ම ඩොබීගේ චරිතය සඳහා ලෙනී රෂ්ව යොදාගැනීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති අතර, ඔහු මෙම චරිතය සඳහා තාක්ෂණික ක්රමවේදයක් භාවිතා කරයිද නැතිනම් වෙනත් ආකාරයකින් පෙනී සිටියිද යන්න තවමත් රහසක්ව පවතිනවා.
මේ වසරේ අගභාගයේදී දෙවන අදියරේ රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත අතර, පළමු අදියර නත්තල් සමයේදී විකාශය කිරීමට සියල්ල සූදානම්. කිට් හැරින්ටන් ගිල්ඩරෝයි ලොක්හාර්ට් ලෙස මීට පෙර එක්වූ අතර, ඩොමිනික් මැක්ලොක්ලින් හැරී පොටර් ලෙස ප්රධාන චරිතය රඟ දක්වනවා. ලොව පුරා රසිකයන් මෙම නවතම වෙනස්කම් සමඟින් හැරී පොටර් ලෝකය නැවතත් අත්විඳීමට දැඩි උනන්දුවකින් පසුවනවා.

Discussion & Feedback