ජනප්රිය ‘හැනා මොන්ටානා’ කතාමාලාවේ 20 වැනි සංවත්සරය සැමරීම සඳහා මයිලි සයිරස් ඇතුළු පිරිස එක්වූවත්, එහි ප්රධාන චරිතයක් නිරූපණය කළ මිචෙල් මුසෝ එම අවස්ථාවට සහභාගි නොවූයේ ඇයිද යන්න පිළිබඳව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා. ඔලිවර් ඕකන් ලෙස රංගනයෙන් දායක වූ මුසෝ පවසන්නේ තමන්ට එම අවස්ථාවේදී වෙනත් වැඩකටයුතු තිබූ බවත්, නමුත් එය හුදෙක් සංවත්සර සැමරුමක් නොව නව කථාංගයක් හෝ චිත්රපටයක් වූවා නම් තමන් සියල්ල පසෙකලා ඊට සහභාගි වන බවයි. ඔහු පවසන පරිදි, තමන් වසර දහයක සිට මෙවැනි නැවත එක්වීමක් බලාපොරොත්තුවෙන් සිටියත්, එය සිදු වූ ආකාරය තමන්ට එතරම් සතුටුදායක එකක් වී නැහැ.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ, තමන්ට එම අවස්ථාවට ආරාධනා ලැබුණත් එය ඉදිරිපත් කළ ආකාරය නිවැරදි නොවන බවයි. “මම හිතුවේ අපි ආයෙත් පරණ සෙට් එකේ එකට වැඩ කරයි කියලා, ඒත් ඒක එහෙම වුණේ නැහැ” යනුවෙන් ඔහු පවසා තිබෙනවා. මේ අතර, එම කතාමාලාවේම ලිලී ට්රස්කොට් ලෙස රඟපෑ එමිලි ඔස්මන්ට් ද කාර්යබහුලත්වය හේතුවෙන් මෙම සංවත්සරයට එක්වී නැහැ. කෙසේ වෙතත්, තමන් එවැනි විශිෂ්ට කතාමාලාවක කොටස්කරුවෙකු වීම ගැන තමන් වාසනාවන්ත බව ඇය පවසා තිබෙනවා. රසිකයන් අතර තවමත් නොමැකෙන මතකයක්ව පවතින හැනා මොන්ටානා කතාමාලාවේ නළු නිළියන් නැවතත් එකම තිරයක දැකගැනීමට රසිකයන් විශාල බලාපොරොත්තුවකින් පසුවන බව නම් පැහැදිලියි.

Discussion & Feedback