කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පසුගියදා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේදී එරට ප්‍රධාන පෙළේ ආයෝජකයන් පිරිසක් හමුවී ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. මෙම අවස්ථාවට ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියා. මෙහිදී තිරසාර බලශක්ති විසඳුම්, ඇඟලුම් ක්ෂේත්රයේ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘති සහ වාණිජ කිරි ගොවිපළවල් ඇතුළු ක්ෂේත්‍ර රැසක් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වුණා.
විශේෂයෙන්ම ඒකල කාර්මික කලාපයේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් ත්‍රිමාණ මුද්‍රණ සහ උපකරණ නිෂ්පාදනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති සහ ආහාර සැකසුම් කර්මාන්ත වැනි ක්ෂේත්‍ර කෙරෙහි ඕස්ට්‍රේලියානු ආයෝජකයන් වැඩි උනන්දුවක් දක්වා තිබෙනවා. ECOGEN, AusLoop Global Solutions සහ FLEXIMAKE වැනි ප්රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු සමාගම් කිහිපයක්ම මෙම ව්‍යාපෘති සඳහා සිය දායකත්වය ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සාකච්ඡා ඉතා සාර්ථක වූ බවත්, යෝජිත ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට දෙපාර්ශවයම එකඟතාවයකට පැමිණි බවත් අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීම සඳහා මෙවැනි විදේශීය ආයෝජන විශාල පිටුවහලක් වනු ඇති අතර, ඉදිරියේදී මෙම ව්‍යාපෘති හරහා රටේ රැකියා අවස්ථා රැසක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කරනවා.

Discussion & Feedback