ලෝකයේ ප්‍රබලම ආරක්ෂක ආයතනයක් වන ඇමරිකාවේ FBI ආයතනයට ‘ShinyHunters’ නමැති ප්‍රසිද්ධ හැකර් කණ්ඩායමක් විසින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඔවුන් පවසන්නේ FBI ආයතනයේ සේවය කරන සියලුම නිලධාරීන්ගේ සහ රැකියා සඳහා අයදුම් කළ පුද්ගලයින්ගේ ඉතා සංවේදී පෞද්ගලික දත්ත විශාල ප්‍රමාණයක් තමන් සතු කරගෙන ඇති බවයි. මෙම හැකර්වරුන් පවසන පරිදි ඔවුන් මෙම දත්ත සොරාගෙන ඇත්තේ මුදල් ලබා ගැනීමේ අරමුණින් නොව, FBI ආයතනය විසින් ඔවුන් ගැන පළ කර ඇති අසත්‍ය වාර්තාවක් ඉවත් කරවා ගැනීමේ අරමුණින්. ඔවුන් විසින් මෙම දත්ත ලබාගෙන ඇත්තේ Oracle PeopleSoft සේවාදායකයක් හරහා බවත්, පසුව ඇමසන් වලාකුළු පද්ධතියකට ඇතුළු වී මෙම තොරතුරු ලබාගත් බවත් වාර්තා වෙනවා.
මෙම සිදුවීම නිසා FBI නිලධාරීන්ගේ නම්, ලිපිනයන් සහ දුරකථන අංක වැනි තොරතුරු අනාරක්ෂිත වී තිබෙනවා. මෙය ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි විශේෂඥයින් පවසන්නේ. විදේශීය ඔත්තුකරුවන් මෙම තොරතුරු භාවිතා කරමින් නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට බලපෑම් කිරීමට ඉඩ ඇති බවට බියක් පවතිනවා. දැනටමත් FBI ආයතනයේ රැකියා ද්වාරය නඩත්තු කටයුතු සඳහා යැයි පවසමින් වසා දමා තිබෙනවා. මේ වසරේ FBI ආයතනයට එල්ල වූ දෙවන සයිබර් ප්‍රහාරය මෙය වන අතර, සිදුවීම සම්බන්ධයෙන් FBI ආයතනය තවමත් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

Discussion & Feedback