ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දත්ත ගබඩාවකට එල්ල වූ සයිබර් ප්‍රහාරයකින් හමුදා සාමාජිකයින් මිලියන ගණනකගේ පෞද්ගලික තොරතුරු අනාරක්ෂිත වී තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේ සිට 2026 ජූලි මාසය දක්වා කාලය තුළ මෙම දත්ත කාන්දුව සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙහිදී ජීවතුන් අතර සිටින මිලියන 2.8ක පිරිසකගේ සහ මියගිය පුද්ගලයින් 300,000කගේ පමණ තොරතුරු හැකර්වරුන් අතට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ අංක, උපන් දින සහ හමුදා සේවයට අදාළ සංවේදී තොරතුරු කිසිදු ආරක්ෂිත කේතනයකින් තොරව ගබඩා කර තිබීම නිසා මෙම තත්ත්වය උග්‍ර වී ඇති බවයි පැවසෙන්නේ.
මෙම දත්ත කාන්දුව සිදුව ඇත්තේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ‘ඩිෆෙන්ස් මෑන්පවර් ඩේටා සෙන්ටර්’ (DMDC) ආයතනයට අයත් ගොනු හුවමාරු පද්ධතියක තිබූ දුර්වලතාවයක් හේතුවෙන්. හමුදා සාමාජිකයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සහ විශ්‍රාම වැටුප් වැනි ප්රතිලාභ ලබාදීම සඳහා මෙම ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම දත්ත කිසිවෙකු විසින් අනිසි ලෙස භාවිතා කර ඇති බවට සාක්ෂි නැතත්, විදේශීය බුද්ධි අංශවලට මෙම තොරතුරු ලැබීමෙන් විශාල ජාතික ආරක්ෂක අවදානමක් මතුවිය හැකි බවයි විශේෂඥයින් පෙන්වා දෙන්නේ. මෑතකදී FBI ආයතනයට එල්ල වූ ප්‍රහාරයට සමානවම මෙය සිදුවීම නිසා ඇමරිකානු බලධාරීන් මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවනවා.

Discussion & Feedback