ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් හමුදා සාමාජිකයින්ගේ සහ සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් හැකර්වරුන් විසින් සොරාගෙන තිබෙනවා. 2025 ඔක්තෝබර් මාසයේ සිට 2026 ජූලි මාසය දක්වා මාස කිහිපයක් පුරා පැවති මෙම සයිබර් ප්‍රහාරය හරහා හමුදා සාමාජිකයින් මිලියන 2.8කගේ සහ මියගිය පුද්ගලයින් 300,000කගේ දත්ත අනාරක්ෂිත වී ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අතරට ඔවුන්ගේ සමාජ ආරක්ෂණ අංක, උපන් දින, නම් සහ හමුදා සේවයට අදාළ තොරතුරු ඇතුළත් වෙනවා.
මෙම දත්ත ගබඩාව පවත්වාගෙන යන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ‘ඩිෆෙන්ස් මෑන්පවර් ඩේටා සෙන්ටර්’ (DMDC) ආයතනය විසින්. ඔවුන් හමුදා සාමාජිකයින්ගේ අනන්‍යතා කළමනාකරණය සහ විශ්‍රාම වැටුප් වැනි දේ සඳහා මෙම දත්ත භාවිතා කරනවා. කෙසේ වෙතත්, මෙම දත්ත කිසිදු සංකේතනයකින් (Encryption) තොරව ගබඩා කර තිබීම විශාල ගැටලුවක් බවයි තාක්ෂණික විශේෂඥයින් පවසන්නේ. මේ වන විටත් අදාළ තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බවට කිසිදු සාක්ෂියක් ලැබී නැතැයි පෙන්ටගනය පවසනවා.
මෑත කාලයේදී ඇමරිකානු ෆෙඩරල් ආයතන ඉලක්ක කරගෙන සිදුවන සයිබර් ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම මෙයයි. මීට පෙර FBI ආයතනයට එල්ල වූ ප්‍රහාරයත් සමඟ මෙවැනි රහස්‍ය තොරතුරු විදේශීය බුද්ධි අංශ අතට පත්වීමේ අවදානමක් පවතින බවට බියක් ඇතිවෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් බලධාරීන් පරීක්ෂණ පවත්වන අතර, තොරතුරු කාන්දු වූ පුද්ගලයින් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

Discussion & Feedback