මේ දවස්වල AI තාක්ෂණය පාවිච්චි කරන ගොඩක් අය මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඇමරිකාවේ ප්‍රසිද්ධ AI සමාගමක් වන Anthropic ආයතනයේ Claude ගිණුම්වල තියෙන ටෝකන් (tokens) හොරෙන් පාවිච්චි කිරීමේ සිදුවීම් කිහිපයක්ම වාර්තා වෙලා තියෙනවා. බ්‍රිතාන්‍යයේ AI උපදේශකයෙක් වන ග්‍රාන්ට් ඩි ස්වාර්ඩ්ට් කියන කෙනාට මුලින්ම මේ ගැන සැකයක් ඇති වෙලා තියෙන්නේ, එයා කිසිම වැඩක් නොකර ඉද්දිත් එයාගේ ගිණුමේ ටෝකන් භාවිතය වේගයෙන් වැඩි වෙලා තිබුණ නිසා. පස්සේ හොයලා බලද්දී තමයි දැනගන්න ලැබුණේ, හැකර්ලා විසින් පරිගණකවලට ඇතුළු වෙලා ‘Infostealer’ කියන මෘදුකාංග හරහා Claude ගිණුම්වල තියෙන session දත්ත සහ මුරපද හොරකම් කරලා තියෙනවා කියලා.
මේ ප්රශ්නය තනි පුද්ගලයෙක්ට විතරක් නෙවෙයි, තවත් ගොඩක් අයට බලපාලා තියෙනවා. ගොඩක් අය කියන්නේ තමන් කිසිම දෙයක් නොකර ඉද්දිත් ගිණුමේ ටෝකන් ඉවර වෙලා, සමහර වෙලාවට ගිණුම්වල තියෙන දත්ත පවා වෙනස් වෙලා කියලා. Anthropic සමාගම මේ ගැන පරීක්ෂණයක් කරලා තියෙනවා. ඔවුන් කියන්නේ මේක වෙන්නේ Claude පද්ධතියේ දෝෂයක් නිසා නෙවෙයි, පරිශීලකයන්ගේ පරිගණකවලට ඇතුළු වෙන වෛරස් නිසා කියලා. ඒ නිසා ඔයාලත් අන්තර්ජාලයෙන් මෘදුකාංග බාගත කරද්දී හෝ සැක සහිත ලින්ක් ක්ලික් කරද්දී ගොඩක් පරිස්සම් වෙන්න. මොකද මේ වගේ දේවල් නිසා ඔයාලගේ ගිණුම්වල තියෙන වටිනා දත්ත වගේම මුදලුත් නැති වෙලා යන්න පුළුවන්.

Discussion & Feedback