1994 වසරේ තිරගත වුණු අතිශය ජනප්රිය ‘ද ඇඩ්වෙන්චර්ස් ඔෆ් ප්රිසිලා, ක්වීන් ඔෆ් ද ඩෙසර්ට්’ චිත්රපටයේ දෙවන කොටස ගැන රසිකයන්ට දැන් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ප්රධාන නළුවෙක් වුණු ටෙරන්ස් ස්ටෑම්ප් පසුගිය වසරේ අභාවප්රාප්ත වුණත්, චිත්රපටයේ වැඩකටයුතු නතර වෙලා නැහැ. ගයි පියර්ස් කියන විදිහට මේ චිත්රපටයේ රූගත කිරීම් 2027 වසරේ ආරම්භ වෙලා, 2028 වසරේදී ප්රේක්ෂකයන්ට බලාගන්න පුළුවන් වේවි. ස්ටෙෆාන් එලියට් විසින් අධ්යක්ෂණය කරන මේ චිත්රපටය සඳහා මුල් චිත්රපටයේ රඟපෑ ප්රධාන නළු නිළියන් සියලු දෙනාම පාහේ එකතු වෙලා ඉන්නවා කියන එක තමයි දැනගන්න ලැබෙන්නේ.
මේ චිත්රපටය ගැන අධ්යක්ෂක ස්ටෙෆාන් එලියට් කියන්නේ, ටෙරන්ස් ස්ටෑම්ප්ගේ අභාවයට පෙර ඔහුගේ දර්ශන කල්තියාම රූගත කරගන්න ඔවුන් කටයුතු කළා කියලා. විශේෂයෙන්ම කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් තමන්ගේ රුව නිර්මාණය කරනවාට ටෙරන්ස් කැමති වුණේ නැහැ. ඒ නිසාම ඔහු තමන්ගේ චරිතය අවසානය දක්වාම තමන් විසින්ම රඟපාන්න ඕන කියලා තදින්ම හිතාගෙන හිටියා. කොහොම වුණත්, ඔස්ට්රේලියාවේ කාන්තාර හරහා යන ඒ සුප්රසිද්ධ බස් රථ ගමන නැවතත් අලුත් විදිහකට රසිකයන්ට දැකගන්න ලැබෙන එක නම් ස්ථිරයි. මේ අලුත් ගමන කොයි වගේ එකක් වේවිද කියලා දැනගන්න දැන් හැමෝම වගේ ලොකු උනන්දුවකින් ඉන්නවා.

Discussion & Feedback