ප්රසිද්ධ සිනමා අධ්යක්ෂක ගිලර්මෝ ඩෙල් ටෝරෝ තමන්ගේ ජනප්රිය ‘පෑන්ස් ලැබිරින්ත්’ (Pan’s Labyrinth) චිත්රපටය වසර විස්සකට පසුව නැවතත් සිනමාහල් වෙත ගෙන ඒමට සූදානම් වෙනවා. සැන් ඩියාගෝ කොමික්-කොන් උළෙලේදී ඔහු අවධාරණය කර සිටියේ මෙම 3D ප්රතිනිර්මාණය සඳහා කිසිදු ආකාරයකින් කෘත්රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතා නොකරන බවයි. කලාව කියන්නේ මිනිස් හැඟීම් සහ නිර්මාණශීලිත්වය මත රඳා පවතින දෙයක් නිසා, ඒ සුන්දරත්වය ආරක්ෂා කරගන්න ඕනෑ බව ඔහු තරයේ ප්රකාශ කළා. ඒ සඳහා වැඩි මුදලක් වැය වුණත් තමන් ඒ ගැන තැකීමක් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම චිත්රපටය නිර්මාණය කරන කාලයේදී බොහෝ දෙනෙක් ඔහුගේ අදහස් ගැන සැක පහළ කළ බවත්, ස්පාඤ්ඤ සිවිල් යුද්ධය පසුබිම් කරගෙන මෙවැනි මනඃකල්පිත කතාවක් ගොඩනැගීම පිස්සුවක් ලෙස ඔවුන් දුටු බවත් ඔහු සිහිපත් කළා. නමුත් ‘පේල් මෑන්’ (Pale Man) චරිතය රූගත කරන අවස්ථාවේදී මුළු කණ්ඩායමම ඔහුගේ දැක්ම පිළිගත් බව ඔහු පවසනවා. ලබන ඔක්තෝබර් 9 වැනිදා සිට මෙම චිත්රපටය 4K තාක්ෂණයෙන් සහ 3D සහ HDR සංස්කරණවලින් ලොව පුරා සිනමාහල්වලදී නැරඹීමේ අවස්ථාව රසිකයන්ට ලැබෙනවා. කෘත්රිම බුද්ධියට දැඩි ලෙස විරුද්ධ වන ඩෙල් ටෝරෝගේ මෙම තීරණය සිනමා ලෝලීන් අතර මේ වන විටත් විශාල කතාබහකට ලක්වෙලා තියෙනවා.

Discussion & Feedback