Grand Theft Auto VI එනකම් හැමෝම මග බලාගෙන ඉන්න අතරේ, GTA Online ලෝලීන්ට තවත් අලුත් අත්දැකීමක් ලැබෙන්න යනවා. ජූලි 14 වෙනිදා ඉඳන් අලුත්ම ‘Kortz Center Heist’ මෙහෙයුම ක්රීඩකයින්ට අත්විඳින්න පුළුවන්. මේකේදී ඔයාටයි ඔයාගේ යාළුවන්ටයි එකතු වෙලා කලා කෞතුකාගාරයකට කඩා වැදිලා වටිනා චිත්ර හොරකම් කරන්න සිද්ධ වෙනවා. මේ මෙහෙයුමේ තියෙන විශේෂම දේ තමයි, ඔයාලට ව්යාජ චිත්ර හදලා ඇත්ත ඒවා එක්ක මාරු කරන්න සිද්ධ වීම. ඒ වගේම හොරකම් කරන චිත්ර ඔයාලගේ නිවෙස්වල අලංකාරයට තියාගන්න හරි, නැත්නම් විකුණලා සල්ලි හොයන්න හරි ඔයාලට අවස්ථාව තියෙනවා.
මේ අලුත් මෙහෙයුම පටන් ගන්න නම් ඔයා ළඟ Mansion එකක් සහ අලුත් Art Studio එකක් තියෙන්න ඕනේ. හැබැයි යාළුවෝ එක්ක සෙල්ලම් කරනකොට කණ්ඩායමේ එකෙක් ළඟ මේ දේවල් තිබුණාම ඇති. ජූලි 13 වෙනිදාට කලින් ලොග් වෙන අයට GTA$ මිලියනයක වට්ටමක්, නොමිලේ Annihilator Stealth හෙලිකොප්ටරයක් වගේම තවත් තෑගි රැසක් ලැබෙනවා. GTA VI එන්න කලින් GTA Online වල තියෙන මේ අන්තිම කාලේ උපරිමයෙන් විඳගන්න කැමති අයට මේක හොඳම අවස්ථාවක්. ඉතින් ඔයාලත් ලෑස්ති වෙන්න මේ අලුත් මෙහෙයුමට එකතු වෙන්න.

Discussion & Feedback