ලෝකයම බලාගෙන ඉන්න Grand Theft Auto 6 ක්රීඩාව ගැන අලුත්ම ආරංචි ටිකක් දැන් එළියට ඇවිත් තියෙනවා. ගොඩක් දෙනෙක් හිතාගෙන හිටිය වගේම මේ ක්රීඩාව නිකුත් කිරීමේ ප්රමාදයක් සිද්ධ වුණා. හැබැයි මේක Rockstar සමාගමේ ඉතිහාසය දිහා බලද්දී එච්චර පුදුම වෙන්න දෙයක් නෙවෙයි. දැනට ලැබෙන ආරංචි වලට අනුව, Xbox Store එකේ තියෙන ෆයිල්ස් වලින් පේන විදිහට GTA 6 ඔන්ලයින් අංගය වෙනමම ඩවුන්ලෝඩ් එකක් විදිහට තමයි එන්න නියමිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්රීඩාව මුලින්ම නිකුත් වෙද්දී ඔන්ලයින් පහසුකම නැති වෙන්න ඉඩ තියෙනවා.
Rockstar සමාගම කලින් GTA 5 සහ Red Dead Redemption 2 නිකුත් කරපු විදිහ දිහා බැලුවොත්, ඔවුන් මුලින්ම කරන්නේ සිංගල් ප්ලේයර් අත්දැකීම ක්රීඩකයන්ට ලබා දෙන එකයි. ඊට පස්සේ තමයි ඔන්ලයින් අංගය ටික ටික එකතු කරන්නේ. ඒ නිසා GTA 6 ඔන්ලයින් එකත් එකපාරටම අපිට බලාගන්න ලැබෙන්නේ නැති වෙයි. සමහර විට 2027 වගේ කාලයකදී තමයි මේකේ සම්පූර්ණ ඔන්ලයින් අත්දැකීම අපිට ලැබෙන්න ඉඩ තියෙන්නේ. කොහොම වුණත්, මේ ක්රීඩාව ඉදිරි දශක ගණනාවක් පුරාවටම ගේමින් ලෝකයේ ලොකු පෙරළියක් කරයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ.

Discussion & Feedback