ලෝකයේම අවධානය දිනාගෙන ඉන්න Grand Theft Auto VI ක්රීඩාව නිකුත් වෙන්න තව මාස හතරක් වගේ කෙටි කාලයක් තිබුණත්, Rockstar සමාගම මේ වෙනකම් කිසිම අලුත් තොරතුරක් හෝ ට්රේලරයක් නිකුත් නොකිරීම නිසා රසිකයන් ලොකු කලකිරීමකින් ඉන්නේ. ජුනි 25 වෙනිදා පූර්ව ඇණවුම් (pre-orders) ආරම්භ කළාට පස්සේ සමාගම සම්පූර්ණයෙන්ම නිහඬ වෙලා ඉන්න එක ගොඩක් දෙනෙක්ට ප්රශ්නයක් වෙලා. Reddit වගේ සමාජ මාධ්යවල රසිකයන් කියන්නේ, මේ වගේ ලොකු බලාපොරොත්තුවක් තියෙන ගේම් එකක් ගැන මෙච්චර නිහඬව ඉන්න එක ඇත්තටම පුදුම හිතෙන දෙයක් කියලා.
ඇත්තටම Rockstar සමාගමට මේ ගේම් එක විකුණගන්න අලුතින් ප්රචාරණ වැඩසටහන් ඕන වෙන්නේ නැහැ කියන එක තමයි ඇත්ත. මොකද පූර්ව ඇණවුම් ආරම්භ කරපු පළමු පැයේදීම ඩොලර් බිලියනයක ආදායමක් ලබන්න මේ ගේම් එකට පුළුවන් වුණා. දැනටමත් පිටපත් මිලියන 50කට වඩා අලෙවි වෙලා තියෙනවා කියන්නේ මේකේ තියෙන ජනප්රියත්වය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කොහොම වුණත්, ගේම් එක නිකුත් වෙන්න කලින් තුන්වන ට්රේලරය අනිවාර්යයෙන්ම එයි කියලා තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒකෙන් ගේම් එකේ කතාව හෝ ක්රීඩා කරන විදිහ ගැන අලුත් දේවල් දැනගන්න ලැබෙයි කියලා රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා. ඉතින් අපි බලමු Rockstar සමාගම මේ නිහඬතාවය කවදා බිඳීද කියලා.

Discussion & Feedback