ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන හිටපු GTA 6 ක්රීඩාව එළඹෙන නොවැම්බර් 19 වෙනිදා PlayStation 5 සහ Xbox Series X/S සඳහා නිකුත් කරන බව Rockstar සමාගම නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ රසිකයන් බලාගෙන හිටපු මේ ක්රීඩාව අවසානයේදී එළියට එන්න නියමිතයි. හැබැයි PC භාවිතා කරන අයට නම් මේ ගැන පොඩි දුකක් හිතෙන ආරංචියක් තියෙනවා. මොකද මේ ක්රීඩාව මුලින්ම එන්නේ කොන්සෝල් සඳහා විතරයි. PC එකට මේක කවදා ලැබෙයිද කියන එක ගැන තවම ස්ථිර දිනයක් කියලා නැහැ.
පහුගිය කාලේ Rockstar සමාගමේ ක්රීඩා නිකුත් වුණ විදිහ දිහා බැලුවොත්, PC සංස්කරණය එන්න තව අවුරුද්දක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන්. හැබැයි Take-Two සමාගම කියන විදිහට PC ප්ලැට්ෆෝම් එක ඔවුන්ට දැන් ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා සමහර විට කලින් හිතුවට වඩා ඉක්මනින් PC එකටත් මේක ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම GTA 6 ආවට පස්සෙත් දැනට තියෙන GTA Online දිගටම පවත්වාගෙන යන බවත් ඔවුන් තහවුරු කරලා තියෙනවා.
කොහොම වුණත්, මේ ක්රීඩාව නිකුත් වුණාට පස්සේ ඒකේ අලුත් අත්දැකීම් කොහොම වෙයිද කියලා බලන්න ගොඩක් දෙනෙක් ඉන්නේ ලොකු උනන්දුවකින්. Rockstar සමාගම මේ වෙලාවේ වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ සිංගල් ප්ලේයර් ගේම් එක හරියටම එළියට දාන්න. ඉතින් නොවැම්බර් මාසේ එන මේ දැවැන්ත ක්රීඩාව ගැන ගේමින් ලෝකයේ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.

Discussion & Feedback