ලෝකයම බලාගෙන හිටපු GTA 6 ක්රීඩාව එළඹෙන නොවැම්බර් 19 වැනිදා නිකුත් කරන බව Rockstar සමාගම නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. මුලින්ම මේ ක්රීඩාව PlayStation 5 සහ Xbox Series X/S සඳහා පමණක් නිකුත් වෙනවා. ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණේ PC එකටත් එකපාරටම මේක ලැබෙයි කියලා, හැබැයි PC භාවිතා කරන අයට තව ටික කාලයක් ඉවසන්න සිද්ධ වෙනවා. Rockstar සමාගමේ ඉතිහාසය දිහා බැලුවොත්, කලින් ආපු GTA V සහ Red Dead Redemption 2 වගේ ක්රීඩා PC වලට එන්න මාස ගණනාවක් ගත වුණා. ඒ නිසා GTA 6ත් PC වලට එන්න අවුරුද්දක් වගේ කාලයක් ගත වෙන්න පුළුවන් කියලා තමයි ගොඩක් අය හිතන්නේ.
හැබැයි මේ ගැන Take-Two සමාගමෙන් අලුත්ම බලාපොරොත්තුවක් දීලා තියෙනවා. ඔවුන් කියන විදිහට PC කියන වේදිකාව දැන් ඔවුන්ට ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒ නිසා සමහරවිට කලින් හිතුවට වඩා ඉක්මනින් PC එකටත් මේ ක්රීඩාව ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම GTA 6 නිකුත් වුණාට පස්සෙත් දැනට තියෙන GTA Online දිගටම පවත්වාගෙන යන බවත් ඔවුන් තහවුරු කරලා තියෙනවා. ඉතින් මේ ක්රීඩාව ගැන තියෙන උනන්දුව නිසාම, ඉදිරි කාලයේදී මේ ගැන තවත් අලුත් තොරතුරු දැනගන්න ලැබෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback