ලෝකයම බලාගෙන ඉන්න Grand Theft Auto VI ක්රීඩාව නිකුත් වෙන්න තව මාස දෙකක් වගේ කෙටි කාලයක් තමයි තියෙන්නේ. දශකයකට පස්සේ එන මේ දැවැන්ත ක්රීඩාව ගැන රසිකයන් හරිම උනන්දුවෙන් ඉන්නේ. හැබැයි රොක්ස්ටාර් සමාගම මේ පාර ක්රීඩාවේ භෞතික පිටපත් (Physical copies) නිකුත් කරන්නේ නැහැ කියලා කිව්වම ගොඩක් රසිකයන් හිටියේ කලකිරීමෙන්. ඒත් දැන් ඒ වෙනුවට අලුත්ම ආරංචියක් ඇවිත් තියෙනවා. ක්රීඩාව භෞතිකව ගන්න බැරි වුණාට, ඒකේ අඩංගු ගීත ඇතුළත් ‘Grand Theft Auto VI: The Album’ එක දැන් භෞතිකව මිලදී ගන්න පුළුවන් වෙලා තියෙනවා.
මේ ඇල්බමය CD එකක් විදිහට වගේම වයිනයිල් (Vinyl) තැටි විදිහටත් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ තියෙන ලිමිටඩ් එඩිෂන් වයිනයිල් එක නම් හරිම ලස්සනයි. ඒකේ නිල් පාට දියර පිරවූ මැජෙන්ටා පාට තැටි දෙකක් තමයි තියෙන්නේ. මේක ඇත්තටම රසිකයන්ට ලැබුණු ලොකු සැනසීමක්. ක්රීඩාව භෞතිකව ගන්න බැරි වුණත්, මේ වගේ දෙයක් අතේ තියාගන්න ලැබෙන එක ගැන රසිකයන් ගොඩක් සතුටින් ඉන්නේ. දැනටමත් මේ ඇල්බමය සඳහා ලොකු ඉල්ලුමක් තියෙන නිසා තොග පවා ඉක්මනින්ම අවසන් වෙමින් පවතිනවා. ඉතින් මේ දේ දැක්කම හිතෙනවා, අනාගතයේදීවත් රොක්ස්ටාර් සමාගම ක්රීඩාවල භෞතික පිටපත් නිකුත් කරන්න තීරණය කරයි කියලා.

Discussion & Feedback