ගොඩක් දෙනෙක් ආසාවෙන් බලාගෙන ඉන්න Grand Theft Auto VI ක්රීඩාව ගැන මේ දවස්වල අලුත්ම ආරංචි ටිකක් එළියට ඇවිත් තියෙනවා. ගොඩක් අය හිතාගෙන හිටියේ මේ පාර නම් කිසිම ප්රශ්නයක් නැතුව නියමිත වෙලාවටම ගේම් එක ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දැන් තියෙන තත්ත්වය අනුව මේක තවත් පමා වෙන්න ඉඩ තියෙනවා කියන සැකය ගේමර්ස්ලා අතර ලොකුවටම පැතිරෙනවා. විශේෂයෙන්ම මේ වෙනකම් ගේම් එක ගැන ලොකු ප්රචාරණයක් නැති එක සහ තුන්වෙනි ට්රේලර් එක තාමත් එළියට නොදැමීම නිසා රසිකයෝ ගොඩක් කලබල වෙලා ඉන්නේ.
Rockstar සමාගමේ හිටපු ඇනිමේටර් කෙනෙක් වන මයික් යෝක් කියන විදිහට, මේ ගේම් එක තවත් මාස හයකින් වුණත් පමා කරන්න ඒ සමාගමට පුළුවන්. මොකද ඔවුන්ට ඕන කරන්නේ ගේම් එකේ කිසිම දෝෂයක් නැතුව පරිපූර්ණ විදිහට එළියට දාන්න. අන්තිම මොහොතේ හරි මොකක් හරි බග් එකක් හරි අඩුපාඩුවක් හරි තිබුණොත්, ඔවුන් අනිවාර්යයෙන්ම ඒක පමා කරනවා. ඒකෙන් සමාගමට පාඩුවක් වෙන්නේ නැති වුණාට, රසිකයන්ට නම් මේක ලොකු බලාපොරොත්තු කඩවීමක් වෙන්න පුළුවන්.
දැනට තියෙන ආරංචි අනුව නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ගේම් එක එළියට එයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි Rockstar සමාගමෙන් තාමත් නිල වශයෙන් කිසිම දෙයක් කියලා නැති නිසා, අපි හැමෝටම වෙලා තියෙන්නේ ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න විතරයි. ඇත්තටම මේ ගේම් එක නියමිත වෙලාවටම අපිට සෙල්ලම් කරන්න ලැබෙයිද? නැත්නම් තවත් පාරක් කල් යයිද කියන එක ඉදිරි දවස් ටිකේදී අපිට බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback