ලොව පුරා ගේම් ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටින Grand Theft Auto VI ක්රීඩාව නිකුත් වීමට නියමිත නොවැම්බර් 19 වැනිදාට තව ඇත්තේ ඉතා කෙටි කාලයක් පමණයි. මේ දිනවල ක්රීඩාව සම්බන්ධයෙන් නිහඬ බවක් පැවතියත්, අගෝස්තු 7 වැනිදා පැවැත්වීමට නියමිත Take-Two Interactive ආයතනයේ ආදායම් වාර්තා පිළිබඳ සාකච්ඡාව ක්රීඩා ලෝලීන්ගේ අවධානය දිනාගෙන තිබෙනවා. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වන්නේ මෙම සාකච්ඡාව හරහා ක්රීඩාවේ ඉදිරි ප්රවර්ධන කටයුතු සහ බොහෝ දෙනා බලා සිටින තුන්වන ට්රේලරය පිළිබඳ යම් ඉඟියක් ලැබෙනු ඇති බවයි.
මේ වන විටත් ක්රීඩාව සඳහා පූර්ව ඇණවුම් (Pre-orders) භාර ගැනීම ආරම්භ කර ඇති නිසා, ක්රීඩාව නිකුත් කිරීමේ දිනය ප්රමාද වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුයි. සමහර විට ප්රායෝගික හේතු මත දින කිහිපයක සුළු වෙනසක් සිදු වුණත්, විශාල ප්රමාදයක් බලාපොරොත්තු විය නොහැකි බවයි විශ්ලේෂකයින් පවසන්නේ. කෙසේ වෙතත්, අගෝස්තු 7 වැනිදා පැවැත්වෙන මෙම විශේෂ රැස්වීමෙන් පසුව Rockstar සමාගම විසින් ක්රීඩාව පිළිබඳ තවත් වැදගත් තොරතුරු රැසක් එළිදක්වනු ඇතැයි ලොව පුරා සිටින රසිකයන් දැඩි විශ්වාසයකින් පසුවනවා. ඉතින්, අපිත් බලමු මේ සතියේ ලැබෙන ආරංචි මොන වගේද කියලා.

Discussion & Feedback