GTA 6 එන්න තව මාස පහක් වගේ කාලයක් තියෙද්දී, Rockstar සමාගම GTA 5 සහ GTA Online රසිකයන් වෙනුවෙන් අලුත්ම වැඩසටහනක් පටන් අරන් තියෙනවා. මේ දවස්වල ක්රියාත්මක වෙන ‘Fine Art Collector’ ඉවෙන්ට් එක හරහා ඔයාලට ජූලි 13 වෙනකම් ගොඩක් වටිනා තෑගි දිනාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ කාලය ඇතුළත ඔයාලා GTA Online ප්ලේ කළොත්, GTA$ 500,000ක් වගේම හරිම ලස්සන ‘Benefactor Turreted Limo’ එකකුත් නොමිලේම ලබාගන්න පුළුවන්. මේක ඇත්තටම ගේම් එකේ ඉන්න අයට ලැබෙන ලොකු අවස්ථාවක්.
ඒ විතරක් නෙවෙයි, මේ දිනවල ‘The Diamond Casino Heist’ එක හරහාත් ඔයාලට දෙගුණයක් මුදල් සහ රිවෝඩ්ස් දිනාගන්න පුළුවන්. ඔයාලා ළඟ Arcade එකක් නැත්නම්, මේ දවස්වල ලොග් වෙලා නොමිලේම ‘Wonderama Arcade’ එක ලබාගන්නත් පුළුවන්. ඒ වගේම අනිත් Arcade ස්ථාන 40%ක වට්ටමකට ගන්නත් අවස්ථාව තියෙනවා. Casino Story Missions සහ Casino Work වලිනුත් දෙගුණයක් මුදල් සහ RP ලබාගන්න පුළුවන් නිසා, මේ දවස් ටිකේ GTA Online වල වැඩ ටිකක් වැඩි කරගන්න එක ඔයාලට ගොඩක් වාසිදායක වෙයි.
GTA 6 එනකම් මේ වගේ ඉවෙන්ට්ස් වලින් උපරිම ප්රයෝජන ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් අමතක නොකර ජූලි 13ට කලින් මේ තෑගි ටික ක්ලේම් කරගන්න. මේ වගේ තවත් අලුත් ගේමින් තොරතුරු දැනගන්න දිගටම අපේ පේජ් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

Discussion & Feedback