Grand Theft Auto VI එළිදැක්වීමට නියමිත මේ කාලවකවානුවේදී, Rockstar සමාගම GTA 5 රසිකයන් වෙනුවෙන් අතිවිශේෂ දීමනාවක් හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව, ජූලි 13 වැනිදා දක්වා ක්රියාත්මක වන ‘Fine Art Collector’ වැඩසටහන හරහා ක්රීඩකයන්ට GTA$ 1,500,000ක් දක්වා මුදල් ත්යාග සහ තවත් විශේෂ දීමනා දිනාගන්න පුළුවන්. මේ සඳහා ඔබට තියෙන්නේ ඉතා කෙටි කාලයක් පමණයි. Enthusiast, Patron සහ Elitist ලෙස මට්ටම් තුනකින් සමන්විත මේ වැඩසටහන යටතේ, ඔබට නොමිලේම Benefactor Turreted Limo රථයක්, NOOSE ඇඳුම් කට්ටලයක් සහ තවත් වටිනා දේවල් ලබාගන්න පුළුවන්.
ඒ වගේම, ඔබ සතුව දැනටමත් PS4 හෝ Xbox One සඳහා GTA 5 තිබෙනවා නම්, කිසිදු අමතර වියදමකින් තොරව PS5 හෝ Xbox Series X/S වෙත එය උත්ශ්රේණි කරගන්නත් දැන් අවස්ථාව ලැබෙනවා. මේ අතරතුර Shark Cards මිලදී ගැනීමේදී 40%ක බෝනස් මුදලක් ලබාගැනීමේ අවස්ථාවත් ජූලි 22 දක්වා ක්රියාත්මකයි. GTA 6 එනතුරු බලාගෙන ඉන්න අතරේ, GTA Online ලෝකයේ මේ අලුත්ම අත්දැකීම් විඳගන්නත්, විශේෂ ත්යාග දිනාගන්නත් මේක හොඳම වෙලාව. ඉතින් පරක්කු නොවී ඉක්මනින්ම මේ දීමනා ලබාගන්න උත්සාහ කරන්න.

Discussion & Feedback