හොලිවුඩයේ ජනප්රියතම කොමඩි චිත්රපට මාලාවක් වන ‘Grown Ups’ හි තුන්වන කොටස ගැන රසිකයන් බොහෝ කාලයක් තිස්සේ බලාගෙන හිටියනේ. ඉතින් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරමින් Netflix ආයතනය විසින් මේ චිත්රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා තියෙනවා. ඇඩම් සැන්ඩ්ලර් ප්රමුඛ මුල් චිත්රපට දෙකේම දැකගන්න ලැබුණු කෙවින් ජේම්ස්, ක්රිස් රොක්, ඩේවිඩ් ස්පේඩ් සහ රොබ් ෂ්නයිඩර් වගේම මායා රුඩොල්ෆ් සහ සල්මා හයේක් වැනි ප්රධාන නළු නිළියන් පිරිසක් මේ තුන්වන කොටසටත් එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ජුලී බෝවන් සහ ඩියොන් කෝල් වැනි අලුත් මුහුණු කිහිපයකුත් මේ චිත්රපටයෙන් අපිට බලාගන්න පුළුවන්.
මේ වන විට නිව් ජර්සි ප්රාන්තයේ රූගත කිරීම් සිදුවෙමින් පවතින අතර, මෙවර කතාව ගෙතෙන්නේ ඔවුන්ගේ දරුවන් සියල්ලන්ම වැඩිහිටියන් බවට පත් වීමෙන් පසුව මේ මිතුරු කණ්ඩායම යන අලුත්ම වික්රමාන්විත ගමනක් වටායි. කයිල් නිව්චෙක් අධ්යක්ෂණය කරන මේ චිත්රපටයේ තිර රචනය ඇඩම් සැන්ඩ්ලර් සහ ටිම් හර්ලිහි විසින් සිදු කරනවා. චිත්රපටය තිරගත වන දිනයක් ගැන තවම නිල වශයෙන් ප්රකාශ කරලා නැති වුණත්, නැවතත් මේ සුපිරි කොමඩි කණ්ඩායම එකට දකින්න ලැබීම ගැන රසිකයන් ඉන්නේ ලොකු උනන්දුවකින්. ඉතින්, මේ චිත්රපටය ගැන තවත් අලුත් තොරතුරු ඉදිරියේදී දැනගන්න ලැබෙයි.

Discussion & Feedback