මේ දවස්වල අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙක් කතාබහ කරන අලුත්ම චිත්රපටයක් ගැන තමයි මේ කියන්න යන්නේ. 2024 වසරේදී එළිදැක්වුණු ‘ද ලාස්ට් ස්ටෑන්ඩ් ඔෆ් එලන් කෝල්’ (The Last Stand of Ellen Cole) කියන නියෝ-වෙස්ටර්න් ගණයේ චිත්රපටය මේ වෙද්දී Paramount ප්ලැට්ෆෝම් එකේ ජනප්රියම චිත්රපට දහය අතර තුන්වෙනි තැනට පත්වෙලා තියෙනවා. ඇත්තටම මේ චිත්රපටය එදා සිනමාහල්වල තිරගත වුණේ නැහැ. ඒ වෙනුවට කෙළින්ම ස්ට්රීමින් හරහා තමයි ප්රේක්ෂකයන් අතරට ආවේ. හැබැයි කාලයක් ගත වුණත් අද වෙනකොට මේ චිත්රපටය ලෝකයේ රටවල් ගණනාවකම ප්රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගෙන තියෙනවා.
මේ චිත්රපටයේ ප්රධාන චරිතය රඟපාන්නේ ප්රවීණ නිළි ලින් ෂේ (Lin Shaye). වයස අවුරුදු 80ක් වුණත් ඇය මේ චිත්රපටයේදී ඉතාමත් දක්ෂ ක්රියාදාම වීරවරියක් විදිහට තමයි දකින්න ලැබෙන්නේ. මොන්ටානා ප්රාන්තයේ තියෙන ඇගේ ගොවිපොළ අත්පත් කරගන්න එන බලගතු කොන්ත්රාත්කරුවන්ට එරෙහිව ඇය කරන සටන තමයි මේ කතාවේ තියෙන්නේ. ඇයත් එක්ක තවත් දක්ෂ නළු නිළියන් රැසක් මේ සඳහා දායක වෙලා තියෙනවා. Paramount ප්ලැට්ෆෝම් එකේ දැනටමත් වෙස්ටර්න් ගණයේ නිර්මාණ ගොඩක් තියෙන නිසා, මේ චිත්රපටයත් ඒ අතරට එකතු වෙලා තියෙන්නේ ඉතාමත් සාර්ථක විදිහටයි. ඔබත් වෙස්ටර්න් චිත්රපටවලට කැමති කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ චිත්රපටය නරඹන්න කියලා අපි ආරාධනා කරනවා.

Discussion & Feedback