ලෝකය පුරාම සූර්ය බලශක්ති ව්‍යාපෘති වේගයෙන් දියුණු වුණත්, මේ වැඩබිම්වල ශ්‍රමිකයන්ගේ හිඟය ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳුමක් විදිහට ‘Gritt’ කියන නවක සමාගම අලුත්ම AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන රොබෝ පද්ධතියක් හඳුන්වා දීලා තියෙනවා. කානගී මෙලන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් දෙදෙනෙක් විසින් ආරම්භ කරපු මේ සමාගම, මේ වෙනකොට ඩොලර් මිලියන 34ක ආයෝජනයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඔවුන් කරන්නේ තමන්ම රොබෝවරු හදනවා වෙනුවට, දැනට වෙළඳපොලේ තියෙන යන්ත්‍රවලට තමන්ගේ බුද්ධිමත් AI මෘදුකාංගය සම්බන්ධ කරලා, ඒවා ස්වයංක්‍රීයව වැඩ කරන තත්ත්වයට පත් කිරීමයි.
මේ රොබෝ පද්ධතිය මගින් සූර්ය පැනල ඉතාම නිවැරදිව සහ වේගවත්ව ස්ථාපනය කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට දවසකට පැනල 800ක් විතර සවි කරන්න පුළුවන් වුණත්, මේ රොබෝවරුන්ගේ උදව්වෙන් ඒ ප්‍රමාණය 3,000 සිට 4,000 දක්වා වැඩි කරගන්න පුළුවන්. මේ නිසා වැඩබිම්වල අනතුරු අඩු වෙනවා වගේම, දුෂ්කර ප්‍රදේශවල වැඩ කිරීමත් පහසු වෙනවා. දැනටමත් ඇමරිකාවේ ප්‍රධාන පෙළේ ඉදිකිරීම් සමාගම් කිහිපයක්ම මේ තාක්ෂණය භාවිතා කරනවා.
ඉදිරි මාස හය ඇතුළත රොබෝ පද්ධති 48ක් ක්‍රියාත්මක කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා. සූර්ය පැනල සවි කිරීමට අමතරව, ඉදිරියේදී ගොඩනැගිලි ඉදිකිරීම් සහ තවත් වෙහෙසකර වැඩ රාශියක් සඳහා මේ රොබෝවරුන් යොදාගන්න ඔවුන් සැලසුම් කරලා තියෙනවා. මේ තාක්ෂණය හරහා ඉදිකිරීම් ක්ෂේත්රයේ විශාල වෙනසක් සිදුවේවි කියලා තමයි විශේෂඥයන් විශ්වාස කරන්නේ.

Discussion & Feedback