ලොව ප්රධානතම LGBTQ+ ආලය කිරීමේ යෙදුම වන Grindr සමාගම මේ දිනවල ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. ඒ ඔවුන්ගේ යෙදුම භාවිතා කරන අයගේ HIV තත්ත්වය ඇතුළු ඉතාමත් පෞද්ගලික තොරතුරු තෙවන පාර්ශ්වයන් වෙත ලබා දීම සම්බන්ධයෙන් ගොනු කරපු නඩුවක් නිසා. මේ සිදුවීම සම්බන්ධයෙන් සමාගම පවුම් මිලියන 26ක වන්දියක් ගෙවීමට එකඟ වෙලා තියෙනවා. 2020 වසරට පෙර පැවති දත්ත භාවිතයන් සම්බන්ධයෙන් තමයි මේ චෝදනා එල්ල වෙලා තියෙන්නේ. ඒ කාලයේදී මෙම සමාගම චීන සමාගමක් වන Kunlun යටතේ පැවතුණේ.
මෙම නඩුවට අදාළව 11,000කට අධික පිරිසක් පැමිණිලි කරලා තියෙනවා. ඔවුන් පවසන්නේ තමන්ගේ අවසරයකින් තොරව ඉතාමත් සංවේදී තොරතුරු වාණිජමය අරමුණු සඳහා වෙනත් ආයතන වෙත ලබා දී ඇති බවයි. කෙසේ වෙතත්, Grindr සමාගම පවසන්නේ තමන් කිසිදු වරදක් පිළිගැනීමකින් තොරව මෙම වන්දි මුදල ගෙවීමට එකඟ වූ බවයි. 2020 වසරෙන් පසුව තමන්ගේ පෞද්ගලිකත්ව ආරක්ෂණ ක්රමවේදයන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බවත්, අද වන විට පරිශීලකයන්ගේ දත්ත ඉතාමත් ආරක්ෂිතව පවතින බවත් ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරනවා. මෙම වන්දි මුදල කොටස් දෙකකින් ගෙවීමට නියමිත අතර, එයින් පීඩාවට පත් වූ පරිශීලකයන්ට යම් සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback