මේ දවස්වල Netflix එකේ වැඩිම දෙනෙක් බලපු දේ ගැන අහලා ඔයාලත් පුදුම වෙයි. සාමාන්‍යයෙන් Netflix එකේ වැඩිම ජනප්‍රියත්වය ලැබෙන්නේ චිත්‍රපට හෝ ටෙලි නාට්‍යවලට වුණත්, මේ පාර ඒ වාර්තාව තමන්ගේ නම ඉදිරියේ ලියාගන්න සමත් වුණේ වීඩියෝ ගේම් එකක පෙරදසුනක් (Preview) වීම විශේෂත්වයක්. අගෝස්තු 27 වැනිදා Netflix වෙත නිකුත් වුණු විනාඩි 27ක Grand Theft Auto VI (GTA VI) වීඩියෝව ලොව පුරා මිලියන 31.1ක පිරිසක් නරඹලා තියෙනවා. මේ නිසාම රටවල් 93කින් 87කම ඉංග්‍රීසි චිත්‍රපට ලැයිස්තුවේ පළමු තැනට එන්න මේ වීඩියෝවට පුළුවන් වුණා.
Rockstar Games සමාගම විසින් මේ වීඩියෝව පැය හයකට පස්සේ YouTube එකටත් නිකුත් කළා. YouTube එකේදී මේ වන විට එය මිලියන 17ක් නැරඹීම් ලබාගෙන තියෙනවා. හැබැයි Netflix සහ YouTube නැරඹීම් ගණනය කරන ක්‍රම දෙකක් නිසා මේ සංඛ්‍යා දත්තවල වෙනසක් තියෙනවා. වසර 13කට පස්සේ නැවතත් කරළියට එන මේ ජනප්‍රිය ගේම් එක ගැන ලෝකේ පුරාම ඉන්න රසිකයන් ලොකු බලාපොරොත්තුවකින් ඉන්න බව මේ දත්තවලින් හොඳටම පැහැදිලියි. PlayStation 5 එකේ ගේම් එක ඇතුළෙම රූගත කරපු මේ වීඩියෝවෙන් අලුත් ගේම් එකේ තියෙන දේවල් ගැන ලොකු අවබෝධයක් ගන්න රසිකයන්ට පුළුවන් වෙලා තියෙනවා.
මේ සතියේ Netflix එකේ දෙවැනි තැනට පත් වුණේ ‘The Whisper Man’ චිත්‍රපටයයි. ඒ වගේම ටෙලි නාට්‍ය අංශයෙන් ‘Death of a Pastor’s Wife’ පළමු තැන දිනාගන්න සමත් වුණා. කොහොම වුණත්, 2013දී නිකුත් වුණු GTA V ගේම් එක දින තුනක් ඇතුළත ඩොලර් බිලියනයක ආදායමක් ලබමින් ලෝක වාර්තාවක් තැබූ නිසා, මේ අලුත් ගේම් එකත් ඒ වගේම ලොකු සාර්ථකත්වයක් ලබයි කියලා ගේම් ලෝලීන් ගොඩක් බලාපොරොත්තු වෙනවා.

Discussion & Feedback