දිවයින පුරා සිටින ග්‍රාම නිලධාරීන් තමන්ගේ දිගුකාලීන ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ජුනි 30 වැනිදා සිට දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ජාතික සංවිධායක බුද්ධික රංගන මහතා පවසන පරිදි, ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සංගම් එකතුවෙලා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. විශේෂයෙන්ම නිල රාජකාරි සඳහා අවශ්‍ය ඉන්ධන දීමනාව ඇතුළු තවත් දීමනා සහ පහසුකම් සම්බන්ධයෙන් රජයෙන් තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඔවුන් පවසන්නේ.
මේ වන විට රට තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර, ග්‍රාම නිලධාරී වසම් 538ක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙවැනි තීරණාත්මක මොහොතක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවීම කණගාටුදායක වුවත්, තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් ඩෙංගු මර්දන කටයුතුවලින් පවා ඉවත් වීමට සිදුවන බව ඔවුන් රජයට අනතුරු අඟවනවා. තම රාජකාරි කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙසයි ඔවුන් බලධාරීන්ගෙන් අවධාරණය කරන්නේ.

Discussion & Feedback