මෙවර 2026 වසරේ පහ ශිෂ්‍යත්ව විභාගය මේ එන ඉරිදා (අගෝස්තු 9) දිවයින පුරා මධ්‍යස්ථාන 2,723කදී පැවැත්වෙනවා. මේ සඳහා සිසු සිසුවියන් 294,089ක් පෙනී සිටීමට නියමිතයි. විභාගය උදේ 9.30ට ආරම්භ වන නිසා දරුවන් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට යොමු කරන්න කියලා විභාග කොමසාරිස් ජනරාල්වරිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවර දරුවන්ට වෙනම ප්‍රවේශ පත්‍ර නිකුත් කරලා නැති අතර, විභාග අංක සහ විස්තර විදුහල්පතිවරුන් හරහා දැනටමත් ලබා දීලා තියෙනවා.
විභාග මධ්‍යස්ථානය තුළට දරුවන් කැඳවාගෙන යන්න අවසර තියෙන්නේ පන්ති භාර ගුරුවරුන්ට විතරයි. දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානය තුළට ඇතුළු වෙන්න අවසර නැති නිසා, දරුවන්ට අවශ්‍ය කෙටි ආහාර පාන දරුවා ඇතුළු වීමට පෙර ලබා දෙන්න ඕනේ. ඒ වගේම ජංගම දුරකථන, ස්මාර්ට් ඔරලෝසු වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හෝ අනවසර සටහන් විභාග ශාලාවට රැගෙන ඒම තහනම්. දරුවන්ට අවශ්‍ය පෑන්, පැන්සල් සහ විනිවිද පෙනෙන බෝතලයක වතුර පමණක් රැගෙන යන්න පුළුවන්. නිවැරදි කිරීමේ දියර (Correction fluid) භාවිතයත් තහනම් කරලා තියෙනවා.
විභාගය පැවැත්වෙන කාලය තුළ කිසිදු උපකාරක පන්ති හෝ විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න පත්‍ර ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙනවා. විභාගයේදී ප්‍රශ්න පත්‍රයේ තියෙන උපදෙස් හොඳින් කියවලා, තමන්ගේ විභාග අංකය නිවැරදිව ලියන්න දරුවන් වගබලා ගන්න ඕනේ. විභාගයට පෙනී සිටින සියලුම දරුවන්ට ජය ප්‍රාර්ථනා කරන අතර, කිසිම බියක් සැකක් නැතුව සන්සුන්ව විභාගයට මුහුණ දෙන්න කියලා අපි මතක් කරනවා.

Discussion & Feedback