රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රය ශක්තිමත් කිරීම සඳහා 2027 අයවැය හරහා වැඩි මුදලක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, වෙන් කරන මුදල් නිකම්ම වියදම් නොකර රටේ සැබෑ අවශ්‍යතා සහ ජාතික ප්‍රමුඛතා හඳුනාගෙන ඒවාට ගැලපෙන පරිදි වියදම් කළ යුතු බවයි. දැනටමත් වෘත්තීය පුහුණු ආයතන 310ක් හරහා සිසුන් විශාල පිරිසක් බඳවාගෙන ඇති අතර, ඉදිරියේදී සාගර විශ්වවිද්‍යාලය සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය ඇතුළු ආයතනවල සිසුන් බඳවා ගැනීම් ක්‍රමවත්ව වැඩි කිරීමටත් පියවර ගන්නවා.
එමෙන්ම, පාසල් දරුවන්ගේ සුබසාධන කටයුතු සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර වැඩි කිරීමටත් මෙහිදී අවධානය යොමු වුණා. විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති රටට බරක් නොවන පරිදි ජාතික ප්‍රතිපත්තියට අනුකූලව සිදු කළ යුතු බවත් ජනාධිපතිවරයා සිහිපත් කළා. 2027 සිට 2031 දක්වා අධ්‍යාපන ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 382ක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන්ම ගුරු හිඟය, අනධ්‍යයන කාර්ය මණ්ඩල පුරප්පාඩු සහ වැටුප් විෂමතා වැනි ගැටලු විසඳීමට විශේෂ කොමිසමක් පත් කිරීමටත් මෙහිදී එකඟතාව පළ වුණා. අධ්‍යාපන ක්ෂේත්රයේ ඩිජිටල්කරණය ඇතුළු නවීන වෙනස්කම් රැසක් ඉදිරි වසර කිහිපය තුළදී බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Discussion & Feedback