මෙවර 2026 යල කන්නයේදී වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජය තීරණය කරලා තියෙනවා. මේ ගැන කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය සඳුදා සිටම වී අලෙවි මණ්ඩලය හරහා මෙම වී මිලදී ගැනීමේ වැඩසටහන ආරම්භ කර ඇති බවයි. ඒ අනුව, වැඩසටහනේ පළමු දිනයේදී පමණක් රුපියල් මිලියන 3ක් වටිනා වී මෙට්‍රික් ටොන් 25ක් මිලදී ගැනීමට පියවර ගෙන තිබෙනවා.
දැනට පවතින සැලසුමට අනුව, එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2,500ක් දක්වා මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වෙනවා. නමුත් ඉදිරියේදී අවශ්‍යතාවය අනුව මෙම ප්‍රමාණය සංශෝධනය කිරීමටත් ඉඩ තියෙනවා. දිවයින පුරා විසිරී පවතින වී ගබඩා 148ක් හරහා මෙම මිලදී ගැනීම් සිදු කෙරෙන අතර, යම් හෙයකින් රජයේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවුණොත්, පෞද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව කුලියට ගෙන වී ගබඩා කිරීමටත් රජය සූදානමින් ඉන්නවා.
මෙම වැඩපිළිවෙළ හරහා ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීම සහ වී අස්වැන්න නිසි ලෙස ගබඩා කර ගැනීම රජයේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය ඉදිරි දිනවලදී තවත් වේගවත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව ගොවි ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Discussion & Feedback