ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කරලා තියෙනවා. මේ යෝජනාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වාත් ඉහළ දැමීමට නියමිතයි. ඒ වගේම අගවිනිසුරුවරයාට වයස අවුරුදු 67 සම්පූර්ණ වීමෙන් හෝ ධුර කාලය වසර හයක් සම්පූර්ණ වීමෙන් පසු විශ්‍රාම යාමට සිදුවෙනවා. මීට අමතරව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමටත් මෙහිදී යෝජනා කරලා තියෙනවා.
ඒ එක්කම මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන්ගේ විශ්‍රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 62 දක්වා ඉහළ දැමීමට අදාළ අධිකරණ පනත් සංශෝධනයත් එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා වැඩි කිරීමත් මේ හරහා සිදුවෙනවා. අධිකරණ පද්ධතියේ පවතින නඩු ගොඩගැසීමේ ගැටලුව විසඳා ගැනීමට සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය උපරිමයෙන් ලබා ගැනීමට මේ පියවර ගන්නා බවයි රජය පවසන්නේ. මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව, ඒවායේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කිරීමට මහජනතාවට සහ සංවිධානවලට දින 14ක කාලයක් හිමිවන අතර, ඉන්පසු පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කෙරෙනවා.

Discussion & Feedback