ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය නිසා සිදුවන සෞඛ්‍යමය, සමාජීය සහ ආර්ථික හානි අවම කරගැනීමේ අරමුණින් රජය විසින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පසුගිය සඳුදා දියත් කෙරුණා. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘SAFER’ තාක්ෂණික පැකේජය සහ මත්පැන් පාලනය පිළිබඳ ආයෝජන වාර්තාව එළිදැක්වීම සිදු වුණා.
මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ඕනෑම ආර්ථික ලාභයකට වඩා ජනතාවගේ සෞඛ්‍යය සහ ජීවිත ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවයි. මත්පැන් නිසා ඇතිවන හානි රටේ ආර්ථිකයට සහ සමාජයට විශාල බරක් වන නිසා, තරුණ පරපුර මත්පැන් භාවිතයට යොමුවීම වැළැක්වීමට සහ නීති රෙගුලාසි දැඩි කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. මත්පැන් භාවිතය සාමාන්‍යකරණය වීම වැළැක්වීම මෙහි ප්‍රධාන අරමුණක්.
සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ තවත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. මෙම නව උපායමාර්ග මගින් මත්පැන් නිසා සිදුවන රෝගාබාධ සහ මරණ අවම කරගැනීමටත්, රටට ලැබෙන ආර්ථික වාසි වැඩි කර ගැනීමටත් හැකි වනු ඇති බවයි බලධාරීන් පවසන්නේ.

Discussion & Feedback