ලංකාවේ තේ කර්මාන්තය නංවාලීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ‘සිලෝන් ටී විලේජ්’ හෙවත් ලංකා තේ ගම්මාන ව්‍යාපෘතිය තවදුරටත් වේගවත් කරන්න රජය තීරණය කරලා තියෙනවා. ඒ සඳහා අමතරව රුපියල් මිලියන 237ක මුදලක් වෙන් කිරීමට පියවර අරන් තියෙනවා කියලා වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළා. රට පුරා තේ ගම්මාන 500ක් පිහිටුවීමේ අරමුණින් පටන් ගත්ත මේ ව්‍යාපෘතිය හරහා 2030 වසර වන විට මෙරට තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා වැඩි කරගෙන, තේ අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක ආදායමක් ලබාගන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ.
මේ වෙන් කරපු මුදලින් රුපියල් මිලියන 68ක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හරහා මුල්ම තේ ගම්මාන 144 තුළ ආදර්ශ තේ වගාවන් ඇති කරන්න යොදවනවා. ඒ වගේම රුපියල් මිලියන 169ක් ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය හරහා උසස් තත්ත්වයේ තේ තවාන් පිහිටුවන්න ලබා දෙනවා. දැනටමත් දිවයින පුරා තේ ගම්මාන 144ක් ආරම්භ කරලා තියෙන අතර, ඒ හැම ගම්මානයකම තේ තවානක් සහ ආදර්ශ වගා බිමක් ඇති කිරීම අනිවාර්ය කරලා තියෙනවා. මේ වැඩපිළිවෙළ හරියටම ක්‍රියාත්මක වෙන්න ජාතික, ප්‍රාදේශීය සහ ගම් මට්ටමින් කමිටු තුනක් පත් කරන්නත් අමාත්‍යාංශය පියවර අරන් තියෙනවා.

Discussion & Feedback