රටේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ මැඩලීම සඳහා අවශ්‍ය ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමට තමන් පසුබට නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. පසුගිය වසර දෙකක කාලය තුළ පොලිසිය මත්ද්‍රව්‍ය වැටලීම් විශාල ප්‍රමාණයක් සිදු කර තිබුණත්, අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් නිසා එම වැටලීම්වලින් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව ඔහු පෙන්වා දෙනවා.
අපරාධකරුවන් දන්නවා නීතිය ක්‍රියාත්මක වීමට සහ දඬුවම් ලැබීමට දීර්ඝ කාලයක් ගත වන බව. මේ නිසාම ඔවුන් බියකින් තොරව අපරාධවල නිරත වෙනවා. මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආයතන වඩාත් කාර්යක්ෂමව වැඩ කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළා. දැනටමත් රජය විසින් නීති පද්ධතිය ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, මහජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ව්‍යවස්ථාමය වෙනසක් සිදු කිරීමට රජය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීම සඳහා මෙම පියවර අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයාගේ අදහසයි.

Discussion & Feedback