මඩකලපුව මයිලතමඩුව සහ මාදවනම් ප්‍රදේශවල කිරි ගොවීන් මුහුණ දීලා තියෙන තණබිම් ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන්න රජය මේ වන විට කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, ජාතිවාදී ගැටුම්වලට රට තුළ කිසිම ඉඩක් ලබා නොදෙන බවයි. අම්පාර දිස්ත්‍රික්කයෙන් පැමිණෙන පිරිස් විසින් සිදුකරන වගා කටයුතු නිසා කිරි ගොවීන්ගේ සාම්ප්‍රදායික තණබිම්වලට බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය ගැසට් මගින් තණබිම් ලෙස නම් කරලා, කිරි ගොවීන්ගේ අයිතිය තහවුරු කරන්නත්, අනෙක් පාර්ශ්වයන්ට මහවැලි කලාපයෙන් විකල්ප ඉඩම් ලබාදෙන්නත් ජනාධිපති මට්ටමින් තීරණය කරලා තියෙනවා.
මේ අතර, මඩකලපුව දිස්ත්‍රික්කයේ සිදුවෙන නීතිවිරෝධී වැලි, පස් සහ බොරළු කැණීම් සම්බන්ධවත් මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා. පොලිසියේ සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සහාය ඇතිව මේ නීතිවිරෝධී ක්‍රියා නවත්වන්න විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා කිව්වා. ඒ වගේම, වන සංරක්ෂණ නිලධාරීන් මුහුණ දෙන ප්‍රවාහන පහසුකම් ඇතුළු සම්පත් හිඟය මගහරවා ගන්නත්, අවශ්‍ය පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. සියලුම ජනතාවගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව සහතික කරමින්, කිසිදු ජාතිවාදී බෙදීමකින් තොරව මේ ගැටලු විසඳන්න රජය කැපවෙලා ඉන්නවා.

Discussion & Feedback