වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරපු අලුත්ම ‘මූඩ් ඔෆ් ද නේෂන්’ සමීක්ෂණයට අනුව, වත්මන් රජයේ ජනප්රියත්වය සියයට 50 දක්වා පහළ බැහැලා තියෙනවා. පසුගිය පෙබරවාරි මාසයේදී රජයේ අනුමැතිය සියයට 65ක් විදිහට සටහන් වුණත්, මේ වන විට ඒ තත්ත්වය සැලකිය යුතු ලෙස වෙනස් වෙලා තියෙනවා. මේ සමීක්ෂණයට අනුව රජයේ වැඩපිළිවෙළ අනුමත කරන පිරිස සියයට 49.83ක් විතරයි. ඒ වගේම සියයට 31කට වැඩි පිරිසක් රජයේ ක්රියාකලාපය සම්බන්ධයෙන් සිය අප්රසාදය පළ කරලා තියෙනවා.
රටේ ආර්ථික තත්ත්වය ගැන ජනතාව තුළ තියෙන විශ්වාසයත් මේ කාලය ඇතුළත දරුණු විදිහට පහළ වැටිලා තියෙනවා. පෙබරවාරි මාසයේදී ආර්ථිකය යහපත් අතට හැරෙනවා කියලා විශ්වාස කරපු පිරිස සියයට 64ක් වුණත්, දැන් ඒ අගය සියයට 42 දක්වා අඩු වෙලා. ඒ වගේම ආර්ථිකය අයහපත් අතට හැරෙනවා කියලා හිතන පිරිස සියයට 15 ඉඳන් සියයට 40 දක්වා ඉහළ ගිහින් තියෙනවා. දැනට පවතින ආර්ථික තත්ත්වය ‘දුර්වල’ මට්ටමක පවතින බව සියයට 55කට වැඩි පිරිසක් පවසනවා.
මේ සියලු කරුණු එක්ක බලද්දී, වෙරිටේ රිසර්ච් ආයතනයේ ආර්ථික විශ්වාස දර්ශකය නැවතත් සෘණ අගයකට වැටිලා තියෙනවා. පෙබරවාරි මාසයේදී +36ක් විදිහට සටහන් වුණු මේ දර්ශකය, මේ වන විට -8ක් දක්වා පහළ වැටිලා තියෙනවා. වෑන්ගාඩ් සර්වේ ආයතනයත් එක්ක එකතු වෙලා කරපු මේ සමීක්ෂණයෙන් පේන්නේ පසුගිය මාස කිහිපය තුළ රටේ ආර්ථිකය සහ රජය කෙරෙහි ජනතාව තුළ තිබුණු බලාපොරොත්තු විශාල වශයෙන් බිඳ වැටී ඇති බවයි.

Discussion & Feedback