ලෝක ප්රසිද්ධ සූපවේදී ගෝර්ඩන් රැම්සේ ඇතුළු තවත් ප්රවීණ සූපවේදීන් දෙදෙනෙකු වන මාර්කෝ පියරේ වයිට් සහ හෙස්ටන් බ්ලූමන්තල්ගේ ජීවිත කතාව සහ ඔවුන්ගේ සූපශාස්ත්ර ගමන ගැන කියැවෙන අලුත්ම වාර්තා වැඩසටහනක් BBC නාලිකාව හරහා විකාශය වීමට නියමිතයි. ‘The Rise of the Rockstar Chef’ ලෙස නම් කර ඇති මෙම වැඩසටහන මගින් බ්රිතාන්යයේ ආපනශාලා ක්ෂේත්රය වෙනස් කළ ආකාරය සහ ඔවුන්ගේ දැඩි තරගකාරීත්වය පිළිබඳව ඉතාමත් රසවත් තොරතුරු අනාවරණය කරනවා. විශේෂයෙන්ම 90 දශකයේ පැවති ඒ සුවිශේෂී යුගයේදී බ්රිතාන්ය ආහාර කලාව ලෝකය පුරා ප්රචලිත කිරීමට මෙම සූපවේදීන් තිදෙනා ලබාදුන් දායකත්වය මෙහිදී මනාව විදහා දක්වනවා.
මෙම වැඩසටහන තුළ ගෝර්ඩන් රැම්සේ ඇතුළු සූපවේදීන්ගේ අත්දැකීම් පමණක් නොව, ඔවුන් සමඟ වැඩ කළ සූපවේදීන්, විචාරකයන් සහ ඔවුන්ගේ සමීපතමයන්ගේ අදහස් ද ඇතුළත් කර තිබෙනවා. මුළුතැන්ගෙයි තිබූ දැඩි තරගකාරීත්වය, ඔවුන් අතර ඇති වූ ගැටුම් සහ එම සූපවේදීන්ගේ සාර්ථකත්වය පිටුපස තිබූ රහස් මේ හරහා ප්රේක්ෂකයන්ට දැකගන්න පුළුවන්. ‘Studio Ramsay Global’ ආයතනය විසින් නිෂ්පාදනය කරන මෙම වැඩසටහන, බ්රිතාන්යයේ සූපශාස්ත්ර ඉතිහාසයේ සැබෑ ‘රොක් ස්ටාර්’ මොහොතක් ලෙස හඳුන්වන්න පුළුවන්. සූපශාස්ත්ර ලෝලීන්ට සහ ගෝර්ඩන් රැම්සේගේ රසිකයන්ට මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වැඩසටහනක් වේවි.

Discussion & Feedback