ලොව ප්‍රසිද්ධ ඇක්ෂන් කැමරා නිෂ්පාදක GoPro සමාගම පසුගිය කාලයේ දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා හිටියා. ඒ නිසාම මේ වන විට Starman Optical කියන සමාගම විසින් GoPro ඩොලර් මිලියන 285ක මුදලකට මිලදී ගැනීමට එකඟතාවයකට ඇවිත් තියෙනවා. මේ ගනුදෙනුව හරහා GoPro සතු ඩොලර් මිලියන 92ක ණය බර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට නියමිතයි. මේ වසර අවසානය වන විට ගනුදෙනුව අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, GoPro සමාගම තවදුරටත් කොටස් වෙළඳපොළේ පවතින සමාගමක් ලෙසම කටයුතු කරනු ඇති.
මෙම ඒකාබද්ධ වීමත් සමඟ GoPro සමාගම තමන්ගේ සාම්ප්‍රදායික කැමරා නිෂ්පාදනයට අමතරව ආරක්ෂක තාක්ෂණ ක්ෂේත්රයටත් වැඩි අවධානයක් යොමු කිරීමට සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) සහ ජාතික ආරක්ෂාවට අදාළ දෘශ්‍ය උපකරණ නිෂ්පාදනය ඇමරිකාව තුළම සිදු කිරීම මෙහි ප්‍රධාන අරමුණක්. ප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන Markiplier ද මෑතකදී GoPro සමාගමේ කොටස් 8.5ක් මිලදී ගෙන තිබීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා.
GoPro හි නිර්මාතෘ නික් වුඩ්මන් පවසන්නේ මෙම නව හවුල්කාරිත්වය හරහා සමාගම වඩාත් ශක්තිමත් වී, පාරිභෝගික සහ වාණිජ වෙළඳපොළ තුළ නව ජවයකින් ඉදිරියට යා හැකි බවයි. කෙසේ වෙතත්, Starman Optical සමාගම තාක්ෂණික ක්ෂේත්රයේ එතරම් දීර්ඝ ඉතිහාසයක් නොමැති ආයතනයක් වීම නිසා, ඉදිරියේදී ඔවුන් මේ ව්‍යාපෘතිය කොයිතරම් සාර්ථක කර ගනීවිද යන්න ගැන තාමත් බොහෝ දෙනා විමසිල්ලෙන් ඉන්නවා.

Discussion & Feedback