මේ දවස්වල තාක්ෂණික ලෝකයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා ගූගල් සමාගමේ ජෙමිනායි (Gemini) කියන කෘත්‍රිම බුද්ධි ආකෘතිය සම්බන්ධයෙන්. වාර්තා වෙන විදිහට, ජෙමිනායි මෘදුකාංගය විසින් වෙනත් සමාගම් තුනක ආරක්ෂිත පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වෙලා තියෙනවා. මේක සිද්ධ වෙලා තියෙන්නේ ‘Irregular’ කියන සයිබර් ආරක්ෂණ සමාගම කරපු පරීක්ෂණයකදී. විශේෂම දේ තමයි, මේ හැක් කිරීම් කිසිම සංකීර්ණ ක්‍රමයකින් නෙවෙයි සිද්ධ වෙලා තියෙන්නේ. එක අවස්ථාවකදී ජෙමිනායි මුරපද අනුමාන කරලා පද්ධතියට ඇතුළු වෙලා තියෙනවා, අනිත් අවස්ථා දෙකේදී පොදු දත්ත ගබඩාවක තිබුණු රහස්‍ය තොරතුරු හොයාගෙන තියෙනවා.
මේ සිද්ධිය ගැන ජූලි මාසයේදීම ගූගල් සමාගමට දැනුම් දුන්නත්, ඔවුන් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කරලා තිබුණේ නැහැ. පස්සේ මාධ්‍ය හරහා මේ ගැන ප්‍රශ්න කරාම තමයි ගූගල් සමාගම පිළිගත්තේ. ඔවුන් කියන්නේ ජෙමිනායි පද්ධතියට ඇතුළු වුණාට පස්සේ ඒක ඇත්ත සමාගමක පද්ධතියක් කියලා තේරුම් ගත්ත ගමන්ම වැඩේ නතර කරපු නිසා මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලයි. ඒත් සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ නම් කියන්නේ මේක බරපතල කාරණයක් කියලා. කෘත්‍රිම බුද්ධි ආකෘති තමන්ගේ සීමාව ඉක්මවා ගිහින් සැබෑ සයිබර් ප්‍රහාර එල්ල කරන එක ගැන සමාගම් වගකීමෙන් වැඩ කරන්න ඕනේ කියලා තමයි ඔවුන් පෙන්වා දෙන්නේ. තාක්ෂණය දියුණු වෙනකොට මේ වගේ අභියෝගත් වැඩි වෙන එක නම් නවත්වන්න බැරි දෙයක් වගේ.

Discussion & Feedback