ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් මෑතකදී ප්‍රකාශ කළේ ඔවුන්ගේ ජෙමිනායි (Gemini) ඇප් එක භාවිතා කරන මාසික ක්‍රියාකාරී පරිශීලකයන් සංඛ්‍යාව බිලියනය ඉක්මවා ගොස් ඇති බවයි. ගූගල් ඉතිහාසයේ මෙවැනි සන්ධිස්ථානයක් පසු කළ 14 වැනි නිෂ්පාදනය මෙය වන අතර, ඉතා කෙටි කාලයක් තුළ මෙතරම් වේගයෙන් ජනප්‍රිය වූ නිෂ්පාදන අතරට ජෙමිනායි එක්ව තිබෙනවා. මේ වන විට OpenAI සමාගමේ ChatGPT සමඟ කරට කර තරඟයක නිරත වෙමින් ජෙමිනායි සිය ගමන සාර්ථකව ඉදිරියට ගෙන යනවා.
මෙම ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ගූගල් සර්ච්, ඇන්ඩ්‍රොයිඩ් සහ වර්ක්ස්පේස් වැනි ඔවුන්ගේ ප්‍රධාන සේවාවන් තුළට ජෙමිනායි තාක්ෂණය ඒකාබද්ධ කිරීමයි. විශේෂයෙන්ම ජෙමිනායි භාවිතා කරන්නන්ගෙන් 63%ක්ම හඬ මගින් සහායකයා සමඟ කතා කිරීමට උනන්දුවක් දක්වන අතර, දිනකට රූප රාමු මිලියන 150කට වඩා වැඩි ප්‍රමාණයක් ජෙමිනායි හරහා නිර්මාණය කෙරෙනවා. එපමණක් නොව, iOS භාවිතා කරන්නන් මිලියන 100කට අධික පිරිසක් ද මේ වන විට ජෙමිනායි සමඟ එක්ව සිටිනවා.
පසුගිය වසරේ දෛනික පරිශීලකයන් සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යාමෙන් පසුව, ගූගල් සමාගම දැන් ඔවුන්ගේ ඉදිරි ‘Made by Google’ උත්සවය සඳහා සූදානම් වෙනවා. එහිදී පීක්සල් (Pixel) උපාංග සඳහා තවත් නව ජෙමිනායි විශේෂාංග රැසක් හඳුන්වා දීමට නියමිතයි. තාක්ෂණික ලෝකයේ වේගවත්ම වෙනස්කම් සිදුවන මොහොතක, ජෙමිනායි මෙලෙස බිලියනයක පරිශීලකයන් පිරිසක් දිනා ගැනීම ගූගල් සමාගමේ විශාල ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

Discussion & Feedback