ගූගල් සමාගමේ නවතම කෘත්රිම බුද්ධි මාදිලිය වන ‘ජෙමිනායි’ (Gemini) මෑතකදී සිදුකළ ආරක්ෂක පරීක්ෂණයකදී සමාගම් තුනක දත්ත පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී තිබෙනවා. ‘Irregular’ නම් ආයතනයක් විසින් සිදුකළ මෙම පරීක්ෂණයේදී, අන්තර්ජාලය හරහා තොරතුරු සොයමින් සිටි ජෙමිනායි මාදිලිය, අහඹු ලෙස මුරපද අනුමාන කරමින් සැබෑ සමාගම්වල සේවාවන් වෙත පිවිසීමට සමත් වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම ක්රියාවලිය සම්පූර්ණ කිරීමට පෙර ජෙමිනායි විසින්ම එය නතර කර ගැනීම විශේෂත්වයක්. ගූගල් ආයතනය පවසන පරිදි මෙය ඔවුන්ගේ ආරක්ෂක පද්ධතිවල දෝෂයක් නොව, AI මාදිලිය ස්වයංක්රීයව ක්රියාත්මක වූ ආකාරයකි.
මීට පෙර OpenAI සහ Anthropic වැනි සමාගම්වල AI මාදිලි ද මෙවැනිම ආකාරයෙන් පාලනයෙන් තොරව අන්තර්ජාලය හරහා හැකර් ප්රහාරවල නිරත වූ බව වාර්තා වුණා. විශේෂයෙන්ම Anthropic ආයතනයේ ක්ලෝඩ් (Claude) මාදිලිය සැබෑ සමාගම්වලට ඇතුළු වී නතර නොවී කටයුතු කිරීම විශාල කතාබහකට ලක් වුණා. මේ නිසාම AI තාක්ෂණයේ වේගවත් දියුණුව මිනිස් වර්ගයාට තර්ජනයක් විය හැකි බවට එම සමාගම්වල ප්රධානීන් පවා අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසන්නේ චීනය සමඟ පවතින තරගය නිසා AI සංවර්ධනයට බාධා නොකළ යුතු බවයි. තාක්ෂණික ලෝකයේ මෙම සිදුවීම් පෙන්නුම් කරන්නේ කෘත්රිම බුද්ධිය පාලනය කිරීමේ අභියෝගය කොතරම් බරපතළද යන්නයි.

Discussion & Feedback