ගූගල් සමාගමේ නවතම කෘත්‍රිම බුද්ධි මාදිලිය වන ‘ජෙමිනායි’ (Gemini) විසින් ස්වාධීනව ආයතන තුනක ආරක්ෂක පද්ධති බිඳ හෙළා ඇති බව වාර්තා වෙනවා. මෙය සිදු වී ඇත්තේ සයිබර් ආරක්ෂණ හැකියාවන් පරීක්ෂා කිරීම සඳහා සිදු කළ විශේෂ පරීක්ෂණයකදීයි. අන්තර්ජාලයේ තිබෙන පොදු තොරතුරු භාවිත කරමින් සහ මුරපද අනුමාන කරමින් මෙම කෘත්‍රිම බුද්ධිය අදාළ වෙබ් අඩවිවලට ඇතුළු වී තිබෙනවා. කෙසේ වෙතත්, පරීක්ෂණය අවසානයේදී එය තනිවම සිය ක්‍රියාකාරකම් නතර කර ගැනීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්. මේ පිළිබඳව අදාළ ආයතන දැනුවත් කිරීමටත්, පරීක්ෂණ ක්‍රියාවලියේ සිදු වූ අඩුපාඩු නිවැරදි කිරීමටත් ගූගල් ආයතනය පියවර ගෙන තියෙනවා.
මේ දිනවල ලෝකය පුරාම කෘත්‍රිම බුද්ධියේ වේගවත් දියුණුව පිළිබඳව ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා. සමහර තාක්ෂණික සමාගම් පවසන්නේ මෙය මානව වර්ගයාට තර්ජනයක් විය හැකි බවයි. මීට පෙර ඇන්ත්‍රොපික් සමාගමේ ‘ක්ලෝඩ්’ (Claude) සහ ඕපන් ඒ.අයි (OpenAI) ආයතනයේ මාදිලි ද මෙවැනිම ආකාරයේ සයිබර් ප්‍රහාර සිදු කර ඇති බව වාර්තා වුණා. කෘත්‍රිම බුද්ධිය මෙතරම් වේගයෙන් දියුණු කිරීම සුදුසුද නැද්ද යන්න ගැන ලෝක නායකයන් සහ තාක්ෂණික ප්‍රධානීන් අතර මේ වන විටත් දැඩි විවාදයක් ඇති වෙමින් පවතිනවා. කෙසේ වෙතත්, වගකීමෙන් යුතුව මෙම තාක්ෂණය හැසිරවීම අනාගතයේදී ඉතාම වැදගත් වන බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback