දැන් ඉතින් නිර්මාණකරණ ලෝකයට අලුත්ම පෙරළියක් කරමින් Google සමාගම ඔවුන්ගේ අලුත්ම මෙවලම වන ‘Google Pics’ හඳුන්වා දීලා තියෙනවා. මේක හරියටම Canva හෝ Adobe Express වගේ නිර්මාණ මෙවලම්වලට දැඩි තරගයක් ලබා දෙන එකක්. විශේෂත්වය තමයි, මෙතනදී ඔයාලට අතින් අඳින්න හෝ නිර්මාණය කරන්න ඕන වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය දේ ගැන කෙටි විස්තරයක් හෙවත් ‘Prompt’ එකක් දුන්නම, Google එකේ Nano Banana කියන AI තාක්ෂණය හරහා ඒ දේ ලස්සනට නිර්මාණය කරලා දෙනවා. පෝස්ටර් එකක් හරි, සමාජ මාධ්‍ය සඳහා පෝස්ට් එකක් හරි හදාගන්න මේක හරිම පහසුයි.
මේක දැනටමත් Google Workspace එකට එකතු කරලා තියෙන නිසා Docs සහ Slides වගේ ඇප්ස් ඇතුළෙම මේ පහසුකම පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පින්තූරවල තියෙන අකුරු වෙනස් කරන්න, වචන පරිවර්තනය කරන්න සහ පින්තූරවල තියෙන දේවල් වෙන වෙනම වෙන් කරලා සංස්කරණය කරන්නත් මේකෙන් පුළුවන්. වැඩ කරන අතරතුරේදී තවත් කෙනෙක් එක්ක එකතු වෙලා එකම නිර්මාණයක වැඩ කරන්නත් මෙහි ඉඩ තියෙනවා. ඉදිරියේදී මේ පහසුකම Google Drive එකටත් එකතු කරන බවයි Google සමාගම කියන්නේ.
මේ සේවාව දැනට Google Workspace පාවිච්චි කරන අයට සහ Google AI Pro හෝ Ultra සඳහා මුදල් ගෙවන අයට ඉදිරි සති කිහිපය ඇතුළත ලැබෙනවා. Canva වගේ තැනක වගේ නිර්මාණකරුවන්ට තමන්ගේ නිර්මාණ විකුණලා මුදල් හොයන්න මෙතනදී අවස්ථාවක් නැති වුණත්, සාමාන්‍ය කාර්යාල වැඩවලට සහ දෛනික අවශ්‍යතාවලට නම් මේක ඇත්තටම වටිනා මෙවලමක් වෙයි.

Discussion & Feedback