ගූගල් සමාගම තමන්ගේ වෙළඳ දැන්වීම් ව්යාපාරය කොටස් වශයෙන් විකුණා දැමිය යුතු නැති බවට ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරියක් තීරණය කර තිබෙනවා. වර්ජිනියා ප්රාන්තයේ දිස්ත්රික් විනිසුරු ලියෝනි එම්. බ්රින්කෙමා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ ගූගල් සමාගම සිය වෙළඳ දැන්වීම් වෙළඳපොලේ ඒකාධිකාරිය පවත්වා ගැනීමට තරඟකාරීත්වයට පටහැනි ක්රියාමාර්ග ගෙන ඇති බවට මීට පෙර තහවුරු වීමෙන් පසුවයි. කෙසේ වෙතත්, සමාගම සිය ව්යාපාරික කටයුතු සිදුකරන ආකාරය වෙනස් කරගත යුතු බවට ඇය දැඩි ලෙස අවධාරණය කර තිබෙනවා.
ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගූගල් සමාගමේ දැන්වීම් හුවමාරු අංශය විකුණා දැමිය යුතු බවට ඉල්ලා සිටියත්, විනිසුරුවරිය එම ඉල්ලීම ප්රතික්ෂේප කර තිබෙනවා. එසේ කොටස් විකුණා දැමීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන වාසියක් නොමැති බවත්, එම කොටස් මිලදී ගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව අවිනිශ්චිතතාවයක් පවතින බවත් ඇය පෙන්වා දුන්නා. ගූගල් සමාගම සිය වාර්ෂික ආදායමෙන් විශාල කොටසක් උපයන්නේ අන්තර්ජාල දැන්වීම් හරහායි. මෙම තීන්දුවත් සමඟ ගූගල් සමාගමට සිය ව්යාපාරය කැබලි නොවී පවත්වාගෙන යාමට අවස්ථාව ලැබුණත්, ඉදිරියේදී ඔවුන්ගේ දැන්වීම් ප්රතිපත්තිවල විශාල වෙනස්කම් සිදු කිරීමට සිදුවනු ඇති බව පැහැදිලියි.
මීට පෙර මෙටා සහ ඇමසන් වැනි දැවැන්ත සමාගම්වලටත් මෙවැනිම නඩු පැවරුණත්, ඒවායේදීත් සමාගම් කැබලි කිරීමේ තීරණයක් ලැබුණේ නැහැ. තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයන්ට එරෙහිව එල්ල වන මෙවැනි නීතිමය අභියෝග ඉදිරියේදීත් තවදුරටත් ක්රියාත්මක වනු ඇති බවයි විචාරකයින් පවසන්නේ.

Discussion & Feedback