දැන් ඔබට ඔබේ ගූගල් ගිණුමට පිවිසීම සඳහා මුරපද වෙනුවට සෙල්ෆි වීඩියෝවක් භාවිතා කරන්න පුළුවන්. ගූගල් සමාගම විසින් අලුතින් හඳුන්වා දී තිබෙන මේ පහසුකම මගින්, යම් හෙයකින් ඔබට ඔබේ ගිණුමට පිවිසීමට නොහැකි වූ විට හෝ දුරකථනය අතේ නැති අවස්ථාවකදී ඉතා පහසුවෙන් ගිණුම නැවත ලබා ගන්න පුළුවන්. මේ සඳහා ඔබ මුලින්ම ඔබේ කැමරාව ඉදිරියේ හිස දෙපසට හරවමින් හෝ සරල චලනයන් කිහිපයක් කරමින් ඔබේ මුහුණේ විවිධ කෝණවලින් වීඩියෝවක් පටිගත කර තබා ගත යුතුයි. පසුව ගිණුමට පිවිසීමේදී ගූගල් මගින් එම නව වීඩියෝව සහ මුල් වීඩියෝව සසඳා බලා ඔබම දැයි තහවුරු කරගන්නවා.
මේ තාක්ෂණය පිටුපස ඇති ප්‍රධානම අභියෝගය තමයි සැබෑ පුද්ගලයෙක්ම කැමරාව ඉදිරියේ සිටින බව තහවුරු කර ගැනීම. කෘතිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කරන ව්‍යාජ වීඩියෝ (Deepfakes) වළක්වා ගැනීමට ගූගල් සමාගම මෙහිදී විවිධ ආරක්ෂක පියවරයන් අනුගමනය කරනවා. ඔබ සැබෑ ලෙසම කැමරාව ඉදිරියේ සිටින බව තහවුරු කිරීමට සරල චලනයන් සිදු කිරීමට ඔවුන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි. මේ දත්ත ඉතා ආරක්ෂිතව සහ සංකේතනය කර ගබඩා කරන බවත්, ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මේ වීඩියෝ දත්ත මකා දැමීමට හැකියාව ඇති බවත් ගූගල් පවසනවා.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් පුද්ගලික දත්ත සහ මුහුණේ රූප සටහන් එකතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකත්ව ගැටලු මතු විය හැකි බවටත් මත පළ වෙනවා. කෙසේ වෙතත්, අනාගතයේදී මුරපද වෙනුවට මෙවැනි ජෛවමිතික තාක්ෂණයන් (Biometrics) භාවිතය වඩාත් ජනප්‍රිය වනු ඇති බවයි තාක්ෂණික ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ.

Discussion & Feedback