දැන් ගූගල් සමාගම විසින් ඔවුන්ගේ ඒඅයි (AI) තාක්ෂණය හරහා නිර්මාණය කරන පින්තූර, වීඩියෝ සහ ගීතවල තිබෙන දෘශ්‍ය වෝටර්මාක් (Watermark) ඉවත් කර ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලබා දී තිබෙනවා. ගූගල් ජෙමිනායි (Gemini) අංශයේ උප සභාපති ජොෂ් වුඩ්වර්ඩ් පවසන පරිදි, මෙම පහසුකම Nano Banana, Omni සහ Lyria වැනි මාදිලි සඳහා ලබා දීමටයි කටයුතු කරන්නේ. ඒ අනුව ඉදිරියේදී ජෙමිනායි සහ ගූගල් වීඩියෝ එඩිටර් එක වන Flow හරහා පරිශීලකයන්ට තමන්ට අවශ්‍ය පරිදි මෙම වෝටර්මාක් සක්‍රීය හෝ අක්‍රීය කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
කෙසේ වෙතත්, මෙම වෙනස සිදු කළත් ඒඅයි මගින් නිර්මාණය කළ දේවල් හඳුනා ගැනීමට ඇති ‘SynthID’ නම් නොපෙනෙන වෝටර්මාක් සහ C2PA ප්‍රමිතියට අදාළ දත්ත තවදුරටත් එලෙසම පවතිනවා. ඒ නිසා ඒඅයි මගින් නිර්මාණය කළ දෙයක්ද නැද්ද යන්න පරීක්ෂා කිරීමට තවමත් හැකියාව තිබෙනවා. නිර්මාණකරුවන්ට තම නිර්මාණ වඩාත් නිදහසේ භාවිතා කිරීමට ඉඩ ලබා දෙමින්ම, ඒඅයි තාක්ෂණයේ ආරක්ෂාව සහ විනිවිදභාවය පවත්වා ගැනීමට ගූගල් සමාගම මෙම පියවර ගෙන තිබෙනවා.
ඉදිරි දින කිහිපය තුළ මෙම පහසුකම පරිශීලකයන්ට ලැබෙන අතර, Settings වෙත ගොස් Media Watermark යන කොටස හරහා ඔබට මෙය පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්. මීට අමතරව, සංවර්ධකයන්ට තමන්ගේ ඇප් එක තුළම දේශීයව ඒඅයි නිර්මාණ සත්‍යාපනය කිරීමට හැකි වන පරිදි ‘Credentio’ නමින් නව ලයිබ්‍රරියක්ද ගූගල් විසින් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා ඒඅයි තාක්ෂණය භාවිතා කරන අයට වඩාත් පහසුවෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථාව සැලසෙනවා.

Discussion & Feedback