දැන් ගූගල් සමාගම ඉන්දියාවේ සිටින පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජෙමිනායි (Gemini) සහ AI මාදිලිය හරහා කෙලින්ම ෆ්ලිප්කාර්ට් (Flipkart) වෙබ් අඩවියෙන් භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන අලුත්ම අත්හදා බැලීමක් ආරම්භ කරලා තියෙනවා. මේ අලුත් පහසුකම නිසා පරිශීලකයන්ට AI අතුරුමුහුණතෙන් පිටතට නොගොස්ම, තෝරාගත් භාණ්ඩ සඳහා ඇති ‘Buy’ බොත්තම ක්ලික් කරලා ඉතාම පහසුවෙන් ගනුදෙනුව අවසන් කරන්න පුළුවන්. දැනට මේ පහසුකම ස්මාර්ට්ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ සීමිත භාණ්ඩ කිහිපයක් සඳහා පමණක් ක්‍රියාත්මක වෙනවා.
ඉන්දියාවේ උත්සව සමය ඉලක්ක කරගෙන ඔක්තෝබර් මාසයේදී මේ සේවාව තවත් පුළුල් කිරීමට ගූගල් බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේක ගූගල් සමාගම තමන්ගේ AI සේවාවන් තොරතුරු සෙවීමට පමණක් නොවෙයි, සෘජු ගනුදෙනු සිදුකිරීමේ වේදිකාවක් බවට පත් කිරීමට ගන්නා උත්සාහයක්. ෆ්ලිප්කාර්ට් සමාගම සමඟ ගූගල් සතු මූල්‍යමය සබඳතා නිසාත්, ඉන්දියාවේ පවතින දැඩි තරගකාරී වෙළඳපොළ නිසාත් මේ පියවර ඉතාම වැදගත් එකක් වෙනවා. දැනට ඇමසන් වැනි අනෙකුත් තරගකාරී වෙබ් අඩවිවල භාණ්ඩ ජෙමිනායි හරහා පෙන්වුවත්, ඒවා කෙලින්ම මිලදී ගැනීමේ පහසුකම තවම ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී මේ තාක්ෂණය තවත් දියුණු වුණාම අපිට ඉතාම පහසුවෙන් අන්තර්ජාලය හරහා සාප්පු සවාරි යන්න පුළුවන් වෙයි.

Discussion & Feedback