දැනට ලෝකයේ දියුණුම තාක්ෂණයන් පාවිච්චි කළත්, හැකර්වරු තවමත් පරණ විදිහටම මිනිස්සුන්ව රවට්ටලා දත්ත හොරකම් කරන වැඩේ දිගටම කරගෙන යනවා. ගූගල් ආයතනය නිකුත් කරපු අලුත්ම වාර්තාවකට අනුව, ඇමරිකාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සහ ආයෝජන සමාගම් ඉලක්ක කරගෙන ඉතාම සූක්ෂම විදිහට මේ සයිබර් ප්‍රහාර සිද්ධ වෙනවා. මේ හැකර් කණ්ඩායම් කරන්නේ සමාගම්වල සේවකයන්ගේ පෞද්ගලික දුරකථනවලට කතා කරලා, තමන් අයිටී (IT) අංශයේ හෝ සහායක සේවකයෙක් කියලා බොරුවට රඟපාන එකයි. ඒ හරහා සේවකයන්ව රවට්ටලා ඔවුන්ගේ රහස්‍ය මුරපද සහ අනෙකුත් තොරතුරු ලබාගෙන, පසුව ඒ දත්ත ප්‍රසිද්ධ කරනවා කියලා තර්ජනය කරලා විශාල මුදලක් කප්පම් විදිහට ඉල්ලනවා.
මේ විදිහට ‘වොයිස් ෆිෂින්’ (Vishing) කියන ක්‍රමවේදය පාවිච්චි කරලා ඇපලෝ ග්ලෝබල්, බ්ලැක්ස්ටෝන් වගේ ලොකු සමාගම් පවා ඉලක්ක වෙලා තියෙනවා. ගූගල් පර්යේෂකයන් කියන විදිහට මේ හැකර් කණ්ඩායම් එකතු වෙලා ‘UNC6671’ කියන නමින් විශාල ජාලයක් විදිහට වැඩ කරනවා වෙන්න පුළුවන්. ඔවුන් සාමාන්‍යයෙන් එක වින්දිතයෙක්ගෙන් ඩොලර් ලක්ෂ හතක ඉඳන් මිලියන තුනක් දක්වා මුදලක් බිට්කොයින් හරහා ඉල්ලනවා. මේ වගේ ප්‍රහාරවලින් බේරෙන්න නම් තමන්ගේ පෞද්ගලික තොරතුරු දුරකථනයෙන් කතා කරන නාඳුනන අයට ලබා නොදෙන්න කියලා විශේෂඥයන් හැමෝටම මතක් කරලා දෙනවා. මොකද මේ වගේ ප්‍රහාරවලින් බේරෙන්න තියෙන හොඳම දේ තමයි සැක සහිත ඕනෑම ඇමතුමකදී ඉතාම කල්පනාකාරීව කටයුතු කරන එක.

Discussion & Feedback