ගූගල් සමාගම තමන්ගේ ජෙමිනායි (Gemini) ඒඅයි මාදිලි වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අලුත්ම සර්වර් චිපයක් නිර්මාණය කරමින් ඉන්නවා. ‘Frozen v2’ ලෙස නම් කරලා තියෙන මේ චිපය 2028 වසරේදී වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. දැනට ගූගල් සතු ඒඅයි චිප්වලට වඩා 6 සිට 10 ගුණයක කාර්යක්ෂමතාවයක් මේ නව චිපය මගින් ලබාගන්න පුළුවන් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ හරහා අඩු විදුලි පරිභෝජනයකින් වැඩි දත්ත ප්‍රමාණයක් සැකසීමේ හැකියාව ලැබෙනවා.
මේ දවස්වල ලෝකයේ ප්‍රධාන පෙළේ ඒඅයි සමාගම් තමන්ගේම චිප් නිෂ්පාදනය කිරීමට උනන්දු වෙන්නේ එන්වීඩියා (Nvidia) වැනි සමාගම් මත තියෙන යැපීම අඩු කරගන්නයි. ඒ වගේම ඒඅයි තාක්ෂණය සඳහා විශාල මුදලක් වැය කරන ගූගල් සමාගමට මේ වගේ නව නිපැයුම් හරහා ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගන්නත් පුළුවන් වෙලා තියෙනවා. මේ ආරංචියත් එක්කම ගූගල් සමාගමේ කොටස් මිල 3%කින් ඉහළ යාම කැපී පෙනෙන කරුණක්.
ගූගල් සමාගම මේ ගැන කෙලින්ම තහවුරු කරලා නැතත්, තමන් නිරන්තරයෙන්ම නව තාක්ෂණික අත්හදා බැලීම් සිදුකරන බව පවසා තිබෙනවා. ඕපන් ඒඅයි (OpenAI) සහ ඇන්ත්‍රොපික් (Anthropic) වැනි සමාගම් පවා මේ වන විට තමන්ගේම චිප් නිෂ්පාදනයට පිවිස සිටින නිසා, ඉදිරියේදී ඒඅයි ක්ෂේත්රයේ දැවැන්ත තරගයක් බලාගන්න පුළුවන් වෙයි.

Discussion & Feedback