iPhone එකක් පාවිච්චි කරන කෙනෙක්ට Android ෆෝන් එකකට මාරු වෙන්න හිතෙනකොට තියෙන ලොකුම ප්රශ්නය තමයි තමන්ගේ දත්ත ටික කොහොමද අලුත් ෆෝන් එකට දාගන්නේ කියන එක. ඉතින් මේ ප්රශ්නයට විසඳුමක් විදිහට Google සමාගම දැන් අලුත්ම පහසුකමක් හඳුන්වා දීලා තියෙනවා. Android 17 වලටම ඇතුළත් කරලා තියෙන මේ අලුත් ක්රමය නිසා කිසිම වෙනම ඇප් එකක් නැතුවම iPhone එකේ තියෙන දේවල් Android ෆෝන් එකට ඉතාම පහසුවෙන් මාරු කරගන්න පුළුවන් වෙනවා.
මේ අලුත් පහසුකම හරහා ඔයාගේ ෆොටෝ, වීඩියෝ, කන්ටැක්ට්ස්, මැසේජ් වගේම Google එකවුන්ට් එක, පාස්වර්ඩ්, වයි-ෆයි විස්තර සහ eSIM එක පවා කිසිම කරදරයක් නැතුව මාරු කරගන්න පුළුවන්. කලින් තිබුණට වඩා ගොඩක් දේවල් මේ හරහා මාරු කරගන්න පුළුවන් නිසා iPhone පාවිච්චි කරන අයට Android වලට මාරු වෙන්න තියෙන බාධාවන් ගොඩක් අඩු වෙලා තියෙනවා.
දැනටමත් මේ පහසුකම සමහර Pixel ෆෝන් වලට සහ අලුතින් ආපු Samsung Galaxy Z Flip8 සහ Z Fold8 ෆෝන් වලට ලැබිලා ඉවරයි. ඉදිරි කාලයේදී තවත් ගොඩක් Android ෆෝන් වලට මේ පහසුකම ලබා දෙන්න Google කටයුතු කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් ඔයත් iPhone එකේ ඉඳන් Android එකකට මාරු වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, මේ අලුත් වෙනස ඔයාට ගොඩක් ප්රයෝජනවත් වෙයි.

Discussion & Feedback